ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජාතික ජන බලවේග රජය ක්‍රියාත්මක කරන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (13) දින කළ වැටලීම්වලදී සැකකරුවන් 816 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ වැටලීම් පිළිබඳ සාරාංශය පහත දැක්වේ
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්:
හෙරොයින්: ග්‍රෑම් 288
අයිස් (Ice): ග්‍රෑම් 450
ගංජා: ග්‍රෑම් 511
ගංජා පැළ: ග්‍රෑම් 685
මාවා (Mawa): කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 374
මත්පෙති: ග්‍රෑම් 101
මදනමෝදක: ග්‍රෑම් 590යි මිලිග්‍රෑම් 998
කුෂ් සහ හෂීෂ්: පිළිවෙළින් ග්‍රෑම් 01ක් සහ ග්‍රෑම් 04ක්
මෙහෙයුම් වාර්තාව:
මුළු වැටලීම් සංඛ්‍යාව: 851
අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන්: 816
රඳවා තබා ගැනීමේ නියෝග ලබාගත් සැකකරුවන්: 09
පුනරුත්ථාපනය සඳහා යොමු කළ පිරිස: 05
මෙම වැඩසටහන යටතේ රට පුරා විෂ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.















