වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට පත්වීමෙන් පසු එරට පාලන තන්ත්‍රයේ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතී.
මදුරෝ රැකගැනීමට අපොහොසත් වීම සහ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී සිදුවූ මරණ සම්බන්ධ චෝදනා මත ජනාධිපති ආරක්ෂක බලකා ප්‍රධානී ජෙනරාල් ෆැවියර් මාර්කානෝ තාබාතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර ඇත.
එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කළ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් කටයුතු කරයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ වෙනිසියුලාව මේ වන විට ඇමරිකානු පාලනය යටතේ පවතින බවයි. ඇමරිකාවට තෙල් බැරල් මිලියන 50ක් ලබා දෙන ලෙසත්, එසේ නොවුණහොත් මදුරෝට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදුවන බවටත් ඔහු නව පාලිකාවට අනතුරු අඟවා තිබේ.
අන්තර්වාර ජනාධිපතිනිය මදුරෝගේ අත්අඩංගුවට ගැනීම හෙළා දකින අතරම, අනෙක් පසින් ඇමරිකාවේ සහයෝගය ඉල්ලා සිටීම නිසා එරට දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ දැඩි දෙගිඩියාවක් මතුව ඇත.














