මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ ඊයේ රාත්‍රී 11ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා.
රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වු බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සිදු වී ඇත්තේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙන්.
අනතුරින් ලොරි රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
බරපතළ තුවාල ලබා සිටි බවුසරයේ සහායකයා රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ
තුවාල ලබා සිටි බවුසරයේ රියැදුරා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර හේතුවෙන් ලොරි රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පෙරළී අති අතර, පසුව බවුසරය ද ලොරිය මතට පෙරළී තිබුණු බවයි වැඩිදුරටත් පොලිසිය පැවසුවේ.