8 September 2024
#දේශීය #පුවත්

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බඳවා ගැනේ

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බදවාගනිමින් ඔවුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පසුගිය 28 වනදා පැවැත්විණි.

මෙහිදී අ.පො.ස උසස් පෙල විශය ධාරාව සදහා සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැදවා ලිඛිත තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම ගුරුවරුන් තෝරාගැනීම සිදු කර තිබේ.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බි දිසානායක, පාර්ලිමෙන්තු මන්ත්‍රි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, ආණ්ඩුකාර ලේකම්.මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මේනක හේරත් , යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *