දේශපාලනඥයන්ට ලබා දෙන වරප්‍රසාද අඩු කිරිම වත්මන් රජයේ ප්‍රධාන අරමුණ බව වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.
අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙසේ ද පැවසිය
“අපි ජනාධිපතිවරණයට පෙරත්, මහ මැතිවරණයට පෙරත් පැහැදිලිව කිව්වා. දේශපාලනය යනු ජීවත්වීමේ මාර්ගයක් නොව, රටක් ගොඡිලන ව්‍යාපාරයක්. ලෝකයේ කිසිදු රටක මෙවැනි වරප්‍රසාද දේශපාලනඥයින්ට ලබාදෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරුන්ට ජනතා මුදලින් නඩත්තු කිරීම ජනතාවට බරක්. රටේ ජනතාව තවමත් අන්ත දුෂ්කරතා විඳින ප්‍රදේශ තිබෙනවා.
ඒ නිසා, ජනතා මුදලින් මෙවැනි වරප්‍රසාද ලබාදීම අපි නවත්වනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද හා ඒවාට සම්බන්ධ නීති වෙනස් කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප්ද අපි අහෝසි කරනවා. ජනතාවට බරක් නොවී, සාධාරණව බදු ගෙවන ආකාරයට මේ රට ගොඡිලනවා. ඡන්දයට පෙරත් අපි මේ බව කිව්වා, දැන් ඒක ක්‍රියාත්මක කරනවා.”
“දේශපාලනය ජීවනෝපායක් බවට පත්කර ගන්නවා නම්, එවැනි දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරනවා. කිසිවෙකුට තර්ජනය කරන්න අවශ්‍ය නැහැ. විශ්‍රාම වැටුප නැතිව ජීවත් විය නොහැකි යැයි සිතනවා නම්, අපි අස්වැසුම වැඩසටහන හරහා ඔවුන්ට සහන සලසනවා. ඒ සඳහා ලියාපදිංචි වීමටත් හැකියි..”