පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හතරක් ගොනු කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ නවතම පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බවයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම විශේෂ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට දින 14ක කාලයක් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා ඕනෑම පාර්ශවයකට අවස්ථාව හිමි වේ.
මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස අවසානයේදී පැවැත්වීමට නියමිතව ඇත. පනත සම්මත වුවහොත් සිදුවන ප්‍රධාන වෙනස්කම් ලෙස දැනට විශ්‍රාම වැටුප් ලබන සහ ඉදිරියේදී ලැබීමට නියමිත හිටපු මන්ත්‍රීවරුන් 512 දෙනෙකුගේ විශ්‍රාම වැටුප් අහෝසි වනු ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව, එම පනතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අධිකරණ තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දෙනු ලැබේ.














