දැඩි කතාබහට ලක්වූ “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ අතර, එහි තීරණය කථානායකවරයා වෙත නිල වශයෙන් ලැබී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කථානායකවරයා සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පතෙහි අඩංගු කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව අධිකරණය නිගමනය කර ඇති බවයි. ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත. මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි වීමට නියමිතය.












