• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මරණය අභියසින් මැඩියුරෝ පැහැර ගැනීම: ‘Operation Absolute Resolve’ මෙහෙයුමේ තත්පර 120ක භීෂණය CNN සිදු කළ විශේෂ අනාවරණය

23 January 2026
in පුවත්, විදෙස්, විශේෂාංග
මරණය අභියසින් මැඩියුරෝ පැහැර ගැනීම: ‘Operation Absolute Resolve’ මෙහෙයුමේ තත්පර 120ක භීෂණය CNN සිදු කළ විශේෂ අනාවරණය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මැඩියුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය ජනවාරි 3 වනදා අලුයම අමෙරිකානු විශේෂ බලකාය ක්‍රියාත්මක කළ අතිසාහසික මෙහෙයුම, නූතන යුද ඉතිහාසයේ අතිශය අවදානම් සහගත මෙහෙයුමක් ලෙස හඳුනාගෙන තිබේ.
CNN පුවත් සේවය විසින් ඇසින් දුටු සාක්ෂි සහිත වීඩියෝ 50කට අධික ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කරමින් සිදු කළ නවතම හෙළිදරව්වකට අනුව, මෙම මෙහෙයුමේ තීරණාත්මක අවසාන මිනිත්තු කිහිපය අමෙරිකානු හමුදා භටයන්ගේ ජීවිත සහ සමස්ත මෙහෙයුමම දැඩි අවදානමකට ලක් කර තිබූ බව පැහැදිලි වේ.
ෆෝර්ට් ටියුනා හි ‘තත්පර 120’ ක මාරාන්තික අනතුර
කැරකස් නුවර පිහිටි දැඩි ආරක්ෂිත ‘ෆෝර්ට් ටියුනා’ (Fort Tiuna) යුද කඳවුරු සංකීර්ණය තුළ මැඩියුරෝ රැඳී සිටි නිවහන වෙත අමෙරිකානු ප්‍රවාහන හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවූ අවස්ථාව මෙහෙයුමේ වඩාත්ම අවදානම් සහගත මොහොත විය.
CNN විශ්ලේෂණයට අනුව, එක් හෙලිකොප්ටර් යානයක් ගොඩබස්වා, මැඩියුරෝව බලහත්කාරයෙන් පටවාගෙන නැවත ගුවන්ගත වීමට ගතවූයේ මිනිත්තු දෙකක (තත්පර 120) කාලයක් පමණි.
මෙම කෙටි කාලය තුළ අමෙරිකානු ප්‍රහාරක යානා සහ වෙනිසියුලානු ගුවන් ආරක්ෂක පද්ධති අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
යුද විශේෂඥයන් පෙන්වා දෙන්නේ හෙලිකොප්ටර් යානයක් ගොඩබස්වන විට සහ ගුවන්ගත වන විට එය ඉතා සෙමින් ගමන් කරන බැවින්, සරල ගිනි අවිවලින් පවා එය විනාශ කිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.
තිරය පිටුපස සැලසුම: ‘සංවිධානාත්මක අවුල් ජාලය’ (Organized Chaos)
මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ගුවන් කඳවුරු 20කින් යානා 150කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇත. මෙහෙයුම ආරම්භයේදීම වෙනිසියුලාවේ රේඩාර් සහ සන්නිවේදන පද්ධති අක්‍රිය කිරීමට අමෙරිකානු මිසයිල ප්‍රහාර එල්ල වූ බව CNN දත්ත තහවුරු කරයි. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී වෙස් බ්‍රයන්ට් මෙම උපායමාර්ගය හඳුන්වන්නේ “සංවිධානාත්මක අවුල් ජාලයක්” ලෙසයි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ සතුරා කලබලයට පත් කර, අමෙරිකානු හෙලිකොප්ටර් යානා සඳහා ආරක්ෂිත ගුවන් මාවතක් නිර්මාණය කිරීමයි.
මැඩියුරෝ කොටු වූ ‘පංචස්තම්භය’ (The Fortified Compound)
මැඩියුරෝ අල්ලා ගනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික නිවහනක් ලෙස භාවිතා කළ විශේෂ ආරක්ෂිත කලාපයකදීය. මීට පෙර මැඩියුරෝ සමාජ මාධ්‍ය වෙත මුදාහළ වීඩියෝ පරීක්ෂා කිරීමෙන් CNN ආයතනය තහවුරු කර ඇත්තේ, අමෙරිකානු යානා ගොඩබස්වා ඇත්තේ ඔහුගේ නිවසේ පිහිනුම් තටාකය සහ උද්‍යානය ආසන්නයටම බවයි. කඳුවලින් වටවී තිබූ මෙම ස්ථානය වෙත යානා ගොඩබැස්සවීම අතිශය දුෂ්කර කාර්යයක් වූ අතර, එහිදී වෙනිසියුලානු ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ අමෙරිකානු යානා දැඩි පීඩනයකට ලක්ව තිබේ.
මාරාන්තික පිරිවැය සහ ‘ටිකින් ටයිම් බෝම්බයක්’ වැනි මෙහෙයුම
මෙම මෙහෙයුමේදී වෙනිසියුලානු පාර්ශවයේ 100ක පමණ පිරිසක් මියගොස් ඇති බව වාර්තා වන අතර, ඒ අතර මැඩියුරෝගේ ආරක්ෂාවට සිටි කියුබානු භටයන් 32ක් ද සිටින බව පැවසේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය පවසන්නේ කිසිදු අමෙරිකානු ජීවිතයක් මෙහිදී අහිමි නොවූ බවයි. කෙසේ වෙතත්, යුද විශේෂඥයන් පවසන්නේ මෙය “ටිකින් ටයිම් බෝම්බයක්” වැනි මෙහෙයුමක් වූ බවයි. එක් සුළු වැරදීමක් සිදු වූයේ නම්, අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම යුද පරාජය මෙය වීමට ඉඩ තිබූ බව ඔවුන්ගේ මතයයි.
පැය කිහිපයක මාරාන්තික මෙහෙයුමකින් පසු, අලුයම 4:29 වන විට අමෙරිකානු හමුදා මැඩියුරෝ සහ ඔහුගේ බිරිඳ සමඟ වෙනිසියුලානු ගුවන් සීමාවෙන් පිටව ගොස් ඇත්තේ ඉතිහාසය අලුතින් ලියමිනි.
CNN පුවත් සේවය ඇසුරිනි.
Post Views: 6
Previous Post

විදුලි කාර්මිකයන්ට බලපත්‍රයක් අනිවාර්යයි : NVQ සුදුසුකම නැති අයට නොමිලේ සහතිකයක්

Next Post

රජය සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කරන්න හදන්නේ යෞවන සමාජවලට පැලවත්තෙන් නම් ලිස්ට් එක යැව්වා වගේ – විපක්ෂ නායක

Editor TTV News

Editor TTV News

Next Post
රජය සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කරන්න හදන්නේ යෞවන සමාජවලට පැලවත්තෙන් නම් ලිස්ට් එක යැව්වා වගේ – විපක්ෂ නායක

රජය සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කරන්න හදන්නේ යෞවන සමාජවලට පැලවත්තෙන් නම් ලිස්ට් එක යැව්වා වගේ - විපක්ෂ නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

වැලිසර නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර

23 January 2026
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

23 January 2026
2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

23 January 2026
19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

23 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැලිසර නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර

23 January 2026
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

23 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved