හඟුරන්කෙත උඩගලඋඩ ප්‍රදේශයේ පදිංචි සය හැවිරිදි පුංචි අභිලාෂ් පසුගිය ඉරිදා දවසක අවාසනාවන්ත ඉරණමකට පාත්‍ර උනා.
ඒ එයාගෙ අම්මයි තාත්තයි වැඩකරමින් හිටිය කුඹුර අසලින් තිබුණු නෙල්ලි ගසකට නැගල නෙල්ලි කඩමින් හිටිය අවස්ථාවක.
අම්මයි තාත්තයි කුඹුරේ වැඩ කරන අතරතුර පුංචි අභිලාශ් මේ නෙල්ලි ගසේ එල්ලෙමින් සෙල්ලම් කරමින් සිටිය දී අභිලාශ්ව නාග දෂ්ඨනයකට ලක් වුණා.
ඒයාගෙ දෙමව්පින් කඩිනමින් ප්‍රතිකාර සදහා යොමු උනත් පුංචි අභිලාශ්ගේ ජීවිතය බේරගන්න ඒ ප්‍රතිකාර ප්‍රමාණවත් වුණේ නැහැ.
නිවසට ආසන්න පාරම්පරික සර්ප විෂ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගිය අභිලාශ්ගේ දකුණු පාදයෙහි පහළ කොටස තදින් ගැටගැසීමට සර්ප විෂ වෛද්‍යවරයා පියවර ගෙන තිබුණා.
ඒ නාග විෂ පාදයේ ඉහළට ගමන්කිරීම වැළැක්වීමට බවයි ඔහු දෙමව්පියන්ට පවසා තිබුණේ.
එලෙස දවසක් මුළුල්ලේ පාදය ගැටගසා තැබීමට සර්ප වෙදා නියම කර තිබුණත් අලුයම වෙද්දී අභිලාශ් ට හොදටම අසාද්‍ය තත්වයට පත් වෙලා.
මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් පවා කලබලයට පත් වුණා. දෙමව්පියන් ට ඔවුන් පවසා තිබුණේ හැකි ඉක්මනින් අභිලාශ්ව රෝහලට ඇතුලත් කරන ලෙසයි.
කෙසේ වෙතත් දෙමව්පියන් පියවර ගෙන තිබුණේ ප්‍රදේශවාසීන්ගේ දැඩි බලකිරීම මත.
රිකිල්ලගස්කඩ දිසා රෝහලට ඇතුලත් කරපු අභිලාශ් ගේ පාදයේ පටක මිය යැම හේතුවෙන් අසාද්‍ය තත්වයට පත් වෙලා තිබුණා.
දරුවා පරීක්ෂාවට ලක්කළ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ නිගමනය පරිදි හදිසි ශල්‍යකර්මයකට පවා අභිලාශ්ට මුහුණ දෙන්න සිද්ද වුණා.
ශල්‍යකර්මයෙන් පාදය ඉවත්කෙරුණදත් අභිලාශ් අවාසනාවන්ත ලෙස මෙලොව හැරගියා.
වෛද්‍යවරු කිව්වෙ පාදය ගැටගසා තිබූ ස්ථානයෙන් රුධිර ගමනාගමනය සිදු නොවීමෙ නිසා පාදයට දැඩි ලෙස හානි වෙලා කියලා.
ඒ හේතුවෙන් වී දරුවාගේ මොළයට සහ හෘදයට විෂබීජ ආසාදනය වීම මරණයට හේතු වුනා කියලා.
කොහොම උනත් වැඩිහිටි ප්‍රජාවටම පාඩමක් කියා දීලා පුංචි අභිලාශ් ජීවිතය හැර ගියා.