විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීමට විදුලිබල මණ්ඩලය යළි කල් ඉල්ලීමට අදාළව සිය ප්රතිචාරය අද(25) යොමු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.එම කොමිසම සඳහන් කළේ, ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර අවස්ථා දෙකකදී කල් ඉල්ලූ බවයි.
ඒ අනුව අදාළ යෝජනාවලිය ලබා දීම මාසයක කාලයක් ප්රමාද වී තිබේ.
මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, ඒ හේතුවෙන් විදුලිය ගාස්තු සංශෝධනයක් මේ වසරේ සිදුකිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.
පසුගිය 22 වැනිදාට පෙර ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබාදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවස්ථාව සලසා දී තිබුණි.
එහෙත් විදුලිබල මණ්ඩලය යළි ලිඛිතව දැනුම් දී ඇත්තේ, තවත් සති 2ක් ලබා දෙන ලෙසයි.