මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙසට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මෙය වලංගු වන්නේ අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා යි.














