මහ බඩවැලේ පිළිකා කියන්නේ මුල් අවස්ථාවේදීම හඳුනාගන්න පුලුවන්නම් operation කරලා සම්පූර්ණයෙන්ම සුව වෙන්න පුලුවන් තත්ත්වයක්. ඒත් ගොඩක් දෙනෙක් වෛද්‍යවරයෙක් ළගට යන්නේ පරක්කු වෙලා. එහෙම වෙන්න රෝග ලක්ෂණ ගැන අවබෝධයක් නැතිකම ප්‍රධාන හේතුවක්. ඉතින් අපි මහ බඩවැලේ ඇතිවෙන පිළිකා ගැන ලිපි කීපයකින් කතා කරන්න හිතුවා.
Colon එක, හෙවත් මහ බඩවැල (large intestine), කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඉතා වැදගත් කොටසක්. මේක බඩවැලේ අන්තිම කොටස. Colon එක අඩි 5-6ක් විතර දිගයි. කුඩා බඩවැල ඉවරවෙන තැනින් (ileum) පටන් ගෙන, rectum දක්වා යනවා. Colon එක කොටස් 4කට බෙදන්න පුළුවන්.
Ascending Colon බඩේ දකුණු පැත්තේ, පහළ ඉඳලා ඉහළට යනවා. මෙතනදි ජලය වැඩිපුර උරාගන්නවා.
Transverse Colon බඩ හරහා, දකුණේ ඉඳලා වමට යනවා. බඩේ ඉහළ කොටසේ තියෙන්නේ. ජලය උරාගැනීම තවදුරටත් සිද්ධ වෙනවා, මලපහ හැදෙන්න පටන් ගන්නවා.
Descending Colon බඩේ වම් පැත්තේ, ඉහළ ඉඳලා පහළට යනවා. මේ කොටසෙදි මලපහ ඝන බවට පත්වෙලා, ගබඩා වෙන්න ලෑස්ති වෙනවා.
Sigmoid Colon බඩේ වම් පැත්තේ පහළ, “S” හැඩයකින් rectum එකට සම්බන්ධ වෙනවා. මලපහ ගබඩා කරලා, rectum එකට යවනවා.
colorectal cancer කියන්නේ මොනවද?
colon එකේ හෝ rectum එකේ ඇතිවන පිළිකාවකි. අපේ ඇගේ තියෙන සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා තමයි පිළිකා ඇතිවෙන්නේ.
Colonic Cancer වලට හේතු
– පවුල් ඉතිහාසය – පවුලේ කෙනෙකුට colorectal cancer තිබුණොත් අවදානම වැඩියි.
– ආහාර රටාව – රතු මස්, සැකසූ මස්, තෙල් සහිත ආහාර, තන්තු අඩු ආහාර පිළිකා අවදානම වැඩි කරනවා.
– ජීවන රටාව – දුම්පානය, මත්පැන්, ව්‍යායාම නොකිරීම අවදානම වැඩි කරනවා.
– වෙනත් IBD (inflammatory bowel disease), වයස (50ට වැඩි)
මහ බඩවැලේ පිළිකාව තියෙන තැන එක්ක රෝග ලක්ෂණ වෙනස් වෙනවා.
මහ බඩ වැලේ පිළිකා වලට පරීක්ෂණ කරන්නේ කොහොමද
මහ බඩ වැලේ පිළිකාව හඳුනාගන්න කරන පරීක්ෂාවන් කරන ප්‍රධාන පරීක්ෂණ ටිකක් තියෙනවා. මේවා රෝග ලක්ෂණ තියෙනවද, පවුලේ ඉතිහාසය තියෙනවද වගේ දේවල් මත තමයි කරන්නේ.
1 Fecal Occult Blood Test (FOBT) හෝ FIT (Fecal Immunochemical Test)
මේක මලපහ වල ලේ තියෙනවද කියලා බලන්න කරන පරීක්ෂාවක්. ඇහැට පෙන්නේ නැති ලේ පවා මේකෙන් හඳුනාගන්න පුළුවන්.
වයස අවුරුදු 50ට වැඩි අයට, රෝග ලක්ෂණ තිබෙන අයට screening විදිහට මේක කරන්න පුලුවන්.
මලපහ එක්ක ලේ යනවනම්, ඒක පිළිකාවක ලකුණක් වෙන්න පුළුවන්. ඒත්, මලපහ එක්ක ලේ යන අර්ශස් වගේ වෙනත් හේතුත් තියෙනවා.
2️ Colonoscopy
බඩවැල ඇතුළ බලන්න කැමරාවක් තියෙන කුඩා නළයක් (colonoscope) ගුද මාර්ගය හරහා ඇතුළු කරනවා.
මේක කරන්නේ රෝග ලක්ෂණ තියෙන අයට, පවුලේ ලේ ඥාතියෙකුට colorectal cancer එකක් තිබුන අයට හරි FOBT positive උන අයට.
Colonoscopy එකෙන් බඩවැලේ ගැටිති (polyps) හෝ පිළිකා හඳුනාගන්න පුළුවන්. ඒ වගේම, ගැටිති තිබුණොත් ඒවා එතනදිම ඉවත් කරන්නත් පුළුවන්. තව පටක පරීක්ෂාවට කොටස් ගන්නත් පුලුවන්.
3️ Sigmoidoscopy
Colonoscopy එක වගේම, ඒත් බඩවැලේ ගුද මාර්ගයට ආසන්න කොටස (sigmoid colon) විතරක් බලන පරීක්ෂණයක්. රෝග ලක්ෂණ ගුද මාර්ගය හෝ වම් පැත්තේ බඩවැලට සීමා වුණු අයට තමයි මේ පරීක්ෂණය කරන්නේ.
4️ CT Colonography
Colonoscopy එක කරන්න බැරි අයට බඩවැල ඇතුළත බලන්නේ නැතිව, ගැටිති හෝ පිළිකා හඳුනාගන්න පුළුවන්. ඒත්, ගැටිති හමුවුණොත් colonoscopy එකක් කරන්නම වෙනවා.
5️ Biopsy
Colonoscopy හෝ sigmoidoscopy එකේදී ගැටිති හෝ අසාමාන්‍ය පටක හමුවුණොත්, ඒවායින් කුඩා කොටසක් ගන්නවා. ඒක විද්‍යාගාරයකදී පරීක්ෂා කරලා පිළිකාවක්ද කියලා තහවුරු කරනවා. මේක තමයි පිළිකාවක්ද නැද්ද කියලා 100% තහවුරු කරන පරීක්ෂාව.
6️ රුධිර පරීක්ෂාවන්
CEA (Carcinoembryonic Antigen) Test : මේක රුධිරයේ තියෙන රසායනිකයක්, පිළිකාව තිබෙනවා නම් ඒක ඉහළ යන්න පුළුවන්. ඒත්, CEA එක වැඩි උනා කියලා විතරක් cancer එකක් කියලා diagnose කරන්න බැහැ.
7️ CT Scan: පිළිකාව බඩවැලෙන් එහාට (උදා: අක්මාව, පෙනහළු) මේකෙන් තමයි වෛද්‍යවරු තීරණය කරන්නේ පිළිකාව කොච්චර දුරට පැතිරිලාද, ඒ වගේම හොඳම ප්‍රතිකාරය මොකක්ද කියලා.
✅️අපිට කරන්න තියෙන්නේ මොනවද?
– වයස අවුරුදු 50ට වැඩි නම් colonoscopy හෝ FOBT වගේ screening පරීක්ෂාවන් කරගන්න.
– පවුලේ ඉතිහාසය තියෙනවනම්, වයස 40න් පස්සේ හෝ ඊටත් කලින් screening ආරම්භ කරන්න.
– රෝග ලක්ෂණ තියෙනව නම් (ලේ යාම, මලපහ රටාවේ වෙනස්කම්, බඩේ වේදනාව, හේතුවක් නැති බර අඩුවීම) වහාම වෛද්‍යවරයෙකු හමුවෙන්න.
බය වෙන්න එපා ඉක්මන් හඳුනාගැනීමෙන් පිළිකාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න