තරාතිරම නොබලා මහබැංකු හොරකමට සම්බන්ධ සියලූ දෙනා නීතිය ඉදිරියට ගෙන එන බව විපක්ෂ නායක ශ්රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ පැවැති පැවති ජන රැලිය අමතමිනි.
ලෝක ඉතිහාසයේ පළමු වරට රටේ මහ බැංකුව ආණ්ඩුව විසින්ම මංකොල්ල කෑ මෙම සිද්ධිය සමග ජන ජීවිතයේ වසර තිහක් බැඳී තිබෙන බව ද ඒ මහතා මේ මෙහිදී පැවසීය.
ජනතාව හමුවට පැමිණ කරන කතාවල හරයක් තිබිය යුතු බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා පැවසිය. ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මිස ජනාධිපති මන්දිරයට කවටයෙක් තෝරාගන්නා මැතිවරණයකට නොවන බව හෙතෙම සඳහන් කළේය .
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය යාපනයේ කළ සංචාරයක් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා ජනතාව පාවා දීමෙන් ජන ජීවිත විනාශ කරමින් මිනීමැරුම් කළ ත්රස්තවාදියකුට ප්රභාකරන් සර් ය කියා කළ කතාවක් පුවත්පතක පළවී ඇතැයි ද පැවසීය.
මෙවැනි කතා අහන්න ලැබීම කණගාටුදායක තත්වයක් බව ද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය