මහල් නිවාස සංකීර්ණයකින් වැටී තරුණයෙක් මිය ගොස් ඇති බවට වාර්තා වේ.
මෙසේ වැටී ඇත්තේ බොරැල්ල, මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලෙන් බව ප්‍රකාශ කරයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බොරැල්ල,සරණපාල හිමි මාවතේ පදිංචිකරුවෙක්.
එසේම පොලිස් විමර්ශන අනුව මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයෙක් බවට හඳුනාගෙන ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් මූලික විමර්ශන සිදු කර ඇත.
ඒ අනුව අඳාළ තරුණයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී ඇත.
එසේම පශ්චාත් මරණ පරීක්ෂණයට මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
එමෙන්ම අඳාළ මරණයට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බව සඳහන්.