ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඊයේ (02දා) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉදිරි මැතිවරණය සඳහා අලියා ලකුණින් හෝ ගැසිලින්ඩර ලකුණින් යන දෙකෙන් කුමන ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳව සාකච්ඡා පැවැත්විය.
එම යෝජනාව එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹී බවත්, ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෑස් සිලින්ඩර ලකුණින්ම මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බව රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් පැවැත්විය.
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පස්වරුවේ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවති රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයෝ ද, ආසන සංවිධායකවරු, කළමණාකාරවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු මීට සහභාගී වූහ.