• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාටින් ලූතර් කිං ට මෙන් ම මට ද සිහිනයක් තිබේ – මෛත්‍රීපාල සිරිසේන

17 April 2025
in දේශීය, පුවත්
මාටින් ලූතර් කිං ට මෙන් ම මට ද සිහිනයක් තිබේ – මෛත්‍රීපාල සිරිසේන
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

මෙම මස 10 වනදා සිට 14 වනදා දක්වා දකුණු කොරියාවේ සියොල් අගනුවර පැවති විශ්ව සාම සම්මේලනයේ 2025 ගෝලීය සමුළුවට

ප්‍රධාන ආරාධිතයකු වශයෙන් 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී විය.

විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ ආසියා පැසිපික් කලාපීය සභාපතීත්වය දරණ මෛත්‍රීපාල සිරිසේන විසින් ගෝලීය සමුළු සමාරම්භක සැසියේදී විශේෂ දේශනයක් පවත්වන ලදී.

ගෝලීය දේශපාලනික ස්ථාවරත්වය සහ සාමය පවත්වාගැනීම, දේශගුණික විපර්යාස කළමනාකරණය, සහ ගැටුම් කළමනාකරණය සඳහා ආගම සහ දේශපාලනය යන අංශ ඒකාබද්ධ කළ ද්වි-මණ්ඩල ගෝලීය සංවිධානයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේ ය.

රටවල් 40ක පමණ හිටපු රාජ්‍ය නායකනායිකාවන්, වත්මන් කතානායකවරුන්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්වතුන් සහ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ 2025 ගෝලීය සමුලුවේ දී මෛත්‍රීපාල සිරිසේන පැවැත්වූ දේශනය බොහෝ දෙනාගේ පැසසුමට සහ අවධානයට ලක් විය.

මතු පළවන්නේ දකුණු කොරියාවේ සියොල් අගනුවර පැවති විශ්ව සාම සම්මේලනයේ – 2025 ගෝලීය සමුළුවේ දී විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ ආසියා ෆැසිපික් කලාපීය සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවැත්වූ සම්පූර්ණ දේශනය යි.

රාජ්‍ය නායකයිනි, රාජ්‍ය තාන්ත්‍රිකයිනි, ශාස්ත්‍රඥයිනි, අනෙකුත් සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි සහ මහත්වරුනි,

2025 ලෝක සමුළුවට සහභාගී වී විශේෂ දේශනයක් පැවැත්වීමට ලැබීම ගෞරවයකි.

පළමුවෙන්ම, 2025 ලෝක සමුළුවට මම සුබ පතමි. මෙම සමුළුව ලෝක ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වනු ඇතැයි මම සලකන අතර මෙය විශ්ව සාම සම්මේලනයෙහි හැරවුම් ලක්ෂ්‍යයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි…!

ආසියානු පැසිෆික් කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිවරයා ලෙස, මට සිහිනයක් තිබේ! සියලු මනුෂ්‍ය වර්ගයා සහෝදරත්වයෙන් වැලඳ ගනු දැකීම අරගල කිරීම හේතුවෙන් 1968 දී ඝාතනය කරන ලද ශ්‍රේෂ්ඨ ඇමරිකානු ජාතිකයකු වන මාටින් ලූතර් කිං විසින් කරන ලද ‘මට සිහිනයක් තිබේ’ සුප්‍රසිද්ධ ප්‍රසිද්ධ කතාව මම මෙහිදී සිහිපත් කරමි.

මා දකින සිහිනය, වසර 35ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ අවසානයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස සේවය කිරීමෙන් මා ලබා ඇති දේශීය හා ජාත්‍යන්තර නිරාවරණය සහ අත්දැකීම් මත ගොඩනැගුනු සිහිනයකි. මගේ දේශපාලන ජීවිතය වසර 55කට වඩා වැඩිය; නිසැකවම එය 2025 ලෝක සමුළුව නියෝජනය කරන බොහෝ තරුණ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට වඩා මහලු ය.

නායකයිනි, කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයිනි…,

 

මම නැවත අවධාරණය කරමි.. මට සිහිනයක් තිබේ! වෛරය, කෝපය සහ ඊර්ෂ්‍යාව වෙනුවට, එකිනෙකාට සහ සොබාදහමට අසීමිත ලෙස ආදරය කරමින්, සහෝදරත්වයෙන් එක්සත් වී සිටින මිනිසුන් දැකීමට මම සිහින දකිමි.

මානව වර්ගයා විනාශ කිරීම සඳහා මහා විනාශකාරී අවි නිෂ්පාදනය කිරීම සඳහා වන ආයෝජන, ගෝලීය වශයෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම සඳහා වැය කරන මුදලට වඩා, ආහාර නිෂ්පාදනය සඳහා වැය කරන මුදලට වඩා, ඖෂධ නිෂ්පාදනය සඳහා වැය කරන මුදලට වඩා, අධ්‍යාපනය සඳහා වැය කරන මුදලට වඩා, පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැය කරන මුදලට වඩා, පරිසරය ආරක්ෂා කිරීම සහ මානව වර්ගයාගේ පැවැත්ම සඳහා වැය කරන මුදලට වඩා බෙහෙවින් වැඩි ය.

මිනිසුන් මරා දමන ආයුධ නොමැති ලෝකයක් දැකීම මගේ සිහිනයයි. ආයුධ නිපදවන තුරු ගැටුම් දිගටම පවතී. එබැවින්, අපි, විශ්ව සාම සම්මේලනය ලෙසින්, ලෝක නායකයින්ට ආයුධ නිෂ්පාදනය නතර කිරීමේ පොදු ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹීමට, බලපෑම් කළ යුතුය. මිනිසුන් මරා දැමීමට වැය කරන සෑම ඩොලරයක්ම, මිනිසුන් ජීවත් කරවීම සඳහා ආයෝජනය කරනු දැකීමට මාගේ සිහිනයයි. වෛරය වැපිරීම සහ ගැටුම් උත්සන්න කිරීම වෙනුවට, තොරතුරු තාක්ෂණය සාමය සහ සංහිඳියාව පතුරුවා හැරීමට යොදා ගනු දැකීම මගේ සිහිනයයි. ගැටුම් නතර වීමේ ප්‍රතිඵලයක් ලෙස කුසගින්න නොමැති ලෝකයක මිනිසුන් තම ශක්තිය වගා කටයුතු සඳහා වැය කරනු දැකීමට මම සිහින දකිමි. පරිසර දූෂණයට හේතු වන ස්වාභාවික හා මිනිසා විසින් නිර්මානය කරන ලද සියලු සාධක අවසන් වනු දැකීම මාගේ සිහිනයයි.

 

ගරු සභාපතිතුමනි, රාජ්‍ය නායකයිනි, කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයිනි,

ආගම සහ දේශපාලනය මත පදනම් වූ නව ද්වි-මණ්ඩල ලෝක සංවිධානයක් පිහිටුවීම 2025 ලෝක සමුළුවේ ප්‍රධාන තේමාවලින් එකකි. එබැවින්, ධම්ම පදය නම් බෞද්ධ ග්‍රන්ථයේ අඩංගු පහත සංකල්පය මෙම සභාවට ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
නහ න්‍යෙය න ගාථයේ

මෙම පාලි පාඨයේ තේරුම වන්නේ; සෑම කෙනෙකු ම දඬුවමට බිය ය; සෑම කෙනෙකු ම මරණයට බිය ය; අන් අය ඔබට උපමා කොට කිසිවෙකුට දඬුවම් නොකරන්න; කිසිවෙකු නොමරන්න.

නැවතත්, ‘2025 ලෝක සමුළුවට’ ආරාධනා කිරීම මට මහත් ගෞරවයක් බව සඳහන් කරමි. එය මට පෞද්ගලිකවත් ශ්‍රී ලංකාවටත් ගෞරවයකි. අවසාන වශයෙන්, 2025 ලෝක සමුළුවට මට විශේෂයෙන් ආරාධනා කළ සැමට නැවත වරක් මගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. මගේ කතාවට සාවධානව සවන් දීම ගැන රාජ්‍ය නායකයින්, විද්වතුන් සහ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු පැමිණ සිටි සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙමි…!

ස්තූතියි!

 

-the leader

Post Views: 23
Previous Post

අදත් භූ කම්පනයක් !

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025

Recent News

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved