2025 ලෝක ජනාවාස දිනයට සමගාමීව පළමු අදියර ලෙස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 133ක් සඳහා රුපියල් ලක්ෂ දහයක් බැගින් නිවාස ආධාර ලබාදීම පසුගියදා සිදුවූ අතර එයින් නිවාස 67ක් මේ වන විටත් සදා නිමකර ප්‍රතිලාභී පවුල් පදිංචියට යොමු කර ඇත.
එහි දෙවන අදියර ලෙස තවත් පිරිසකට නිවාස ආධාර ලබාදීම හා හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් අද (10) නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික්කාර්යාලයේදී පැවැත්විය. එහිදි සංකේත වශයෙන් අද දිනයේදී හිමිකම් ඔප්පු 50 සහ රුපියල් ලක්ෂ දහයක් වටිනා නිවාස ආධාර චෙක්පත් 35 ප්‍රතිලාභින් වෙනුවෙන් ලාබා දෙන ලදි
මේ මම අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නේති මහතා, මාතර නගරාධිපති නීතීඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ විය.