• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
in දේශීය, පුවත්, විශේෂාංග
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

සති අග දීර්ඝ නිවාඩුවක් වූ අගෝස්තු මස නමවන සෙනසුරාදා දහවල් දොළහට පමණ අප ආයතනයට නීත්‍යානුකුලව අයත්, අරුවක්කාරු බැර ඛනිජ නිස්සාරණය වැඩබිමට සෝදිසි කිරීමේ වරෙන්තුවක් පවා නොමැතිව, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සහ එසැණින් දහවල් දොළහ ප්‍රවෘත්ති විකාශය හරහා අනවසර වැඩබිමක් හා ජාවාරමක් ලෙස හංවඩු ගසමින් පුවත් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙහි අරමුණයි.

2016 වසරේ දී අප විසින් ආශා මිනරල්ස්  ආයතන ආරම්භ කරනුයේ  ඛනිජ සඳහා අගය එකතු කිරීමේ විශේෂිත සමාගමක් ලෙසය. 2016 වසරේ දීම ආශා මිනරල්ස් ආයතනය මගින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත ඉදිරිපත් කරන ලද ඉල්මනයිට් සඳහා අගය එකතු කිරීමේ තාක්ෂෂණයට  පවා අවසර හිමි විය.

2022 වසරේ දී රටෙහි තිබූ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පරිසර අමාත්‍යංශයේ දී පවත්වන ලද ඛනිජ සමුළුව සඳහා අප හට ද ආරාධනා ලැබුණු අතර අරුවක්කාලු බැර ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතිය පිළිබඳ වූ යෝජනාව කර්මාන්ත අමාත්‍යාංශය වෙත යොමුකරන ලද අතර එම අමාත්‍යාංශය විසින් අපව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත යොමුකරන ලදී.

පුරා වසර තිස් පහකට අධික කාලයක් තිස්සේ හුණු ගල් කැණීමේ දී ඉවත ලන රතුපස් හා කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා බසින වතුර යොදාගෙන, බැර ඛනිජ නිස්සාරණය කර, ඛනිජ වෙන් කර, බැර ඛනිජ සඳහා අගය එකතුකර අපනයනය කිරීමෙන් රටට ඩොලර් මිලියන ගණනක් ලබා ගත හැකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ යෝජනාව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ඉදිරිපත් කරන ලද අතර සිමෙන්ති සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ද ඇතිව මෙම ව්‍යාපෘතිය අප විසින් ආරම්භ කරන ලදී.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට ද අපගේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කර ඔවුන්ගෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වූ මාර්ගෝපදේශ ලබාගෙන එම සියලු අවශ්‍යතාවයන් සපුරාලීමට අප විසින් කටයුතු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන පාරිසරික  අනුමැතිය වයඹ පළාත් පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රැස්වීම් හයක් අදාළ සියලුම ආයතන වල සහභාගිත්වය ද සමඟ පවත්වන ලදී. එහිදී වයඹ පළාත් පරිසර අධිකාරිය තීරණය කළේ අපගේ පරිසර අනුමැතිය සඳහා මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සකස් කරන ලෙසයි. ඒ අනුව එවැනි වාර්තා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති EML Consultants PLC ආයතනය මඟින් සකස් කරන ලද මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවට, රාජ්‍ය ආයතන පහළොවක අධීක්ෂණය හා අනුමැතිය ලැබීමෙන් පසු වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් අප වෙත පරිසර නිෂ්කාශන සහතිකය නිකුත් කරන ලදී. එම ආයතන පහත පරිදි වේ

  • ප්‍රධාන අමාත්‍යංශය – වයඹ පළාත
  • පළාත් පාලන දෙපාර්තමේන්තුව – වයඹ පළාත
  • පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව – වයඹ පළාත
  • ප්‍රාදේශීය ලේකම් – වනාතවිල්ලුව
  • භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය – පිටකෝට්ටේ
  • ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය – පේරාදෙණිය
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව – පුත්තලම
  • ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව – කොළඹ
  • ප්‍රාදේශීය සභාව – වනාතවිල්ලුව
  • භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වයඹ පළාත් කාර්‍යාලය – කුරුණෑගල
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව – කුරුණෑගල
  • ජල සම්පත් මණ්ඩලය – පුත්තලම
  • වන ජීවී සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව – පුත්තලම
  • සෞඛ්‍ය වෛද නිලධාරී කාර්‍යාලය – පුත්තලම
  • වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව – පුත්තලම
  • ස්වාහාවධර්ම සං‍රක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IUCN – Country office)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය

අප විසින් ඉදිරිපත් කල මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් අනුමැතිය දීමට ප්‍රථම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හය දෙනෙක්ගෙන් යුත් පරීක්ෂණ කණ්ඩායමක් අරුවක්කාරු ඉඩමට ගොස් පුරා දින පහක් පමණ අපගේ වැඩ බිම් භූමිය පරීක්ෂාකර අවශ්‍ය තොරතුරු සටහන් කර ගන්නා ලදී. ඉන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අප හට ලබා දෙන ලදී. එම ලබාදුන් අවසරයේ නිර්දේශයකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙක් පමණ පුරා දින 45 ක් අපගේ ව්‍යාපෘති භූමියේ රැඳී සිටිමින් ඔවුන්ගේ පරීක්ශණ කටයුතු සිදු කරන ලදී.

ගස් ඉවත් කිරීම පිළිබඳ අනුමැතිය

අපගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන භූමියේ ශාක ඉවත් කිරීම සඳහා අප විසින් රාජ්‍ය දැව සංස්ථාවෙන් ඉල්ලීම් කරන ලදී. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළ යුතු ගස් සලකුණු කර රාජ්‍ය දැව සංස්ථාව මඟින් එම ශාක ඉවත් කර ගැනීමට අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් රාජ්‍ය දැව සංස්ථාව විසින් එකී ශාක කපා දැව ඉවත් කර ගන්නා ලදී.

ව්‍යාපෘතිය සඳහා ජලය ලබාගැනීමේ අනුමැතිය

අපගේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ජලය ලබාගැනෙනුයේ උප්පු ආරූ මඟිනි. අප ජලය ලබාගැනීමට තෝරාගැනු ලැබූවේ පානීය හා කෘෂිකාර්මීක කටයුතු වලින් පසුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ජලය මුහුදට ගලා යන ස්ථානයකනි. අප එම ජලය ලබා ගැනීමට හා ජල පොම්පාගාරය ඉදිකිරීම සඳහා වාරීමාර්ග දෙපාර්තුමෙන්තුවේ අවශ්‍ය සියලුම අවසරයන් ද ලබාගන්නා ලදී.

තත්ත්වය එසේ වුවද සියලුම නීත්‍යානුකූල අනුමැතියෙන් සහ අවසරයෙන් ලබා තිබියදීත්, මෙය නීති විරෝධී කටයුත්තක් ලෙස මවාපාමින්, මාධ්‍ය තුළින් හිතා මතාම අප ආයතනයේ කීර්තිනාමයට හානි වන කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සිද්ධියට අදාලව අප ආයතනය වෙත කිසිදු ලිඛිත හෝ වාචික දැනුම්දීමක් නොකෙරුණු අතර, වැටලීමට හේතුව දැන ගැනීම පිණිස අප විසින් නිසි බලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද, අප වෙත බලධාරීන් විසින් කිසිදු තොරතුරක් ලබා නොදුනි. මෙම වැටලීම සම්බන්ධයෙන් අපහට එල්ල වී ඇති චෝදනා පවා අප දැනගත්තේ ගරු අධිකරණයට කරන ලද කරුණු වාර්තා කිරීමේදීය.

අපගේ සමාගම සියයට සීයක් ශ්‍රී ලාංකික සමාගමක් වන අතර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන දේශීය ව්‍යවසායකයන් අධෛර්ය කරමින් එල්ල වන බලවේග හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණක් වන අතර එය පරාජය කිරීම අප සැමගේ වගකීමකි.

  • ආශා මිනරල්ස් පුද්ගලික සමාගම මගින් නිකුත් කල මාධ්‍ය නිවේදනයයි
Post Views: 10
Previous Post

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

Next Post

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ - සාක්ෂි එළියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

22 August 2025
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025

Recent News

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

22 August 2025
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved