ප්‍රදේශ කිහිපයක ඊයේ (10) සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයෙක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
එම අනතුරු සිදුව තිබුණේ මාන්කුලම්, අඹන්පොළ සහ වරකාපොළ යන පොලිස් වසම්වලදී.
මාන්කුලම් – මුලතිව් මාර්ගයේ ඔළු මඩු ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක කොන්ක්‍රීට් කණුවක ගැටී පැදිකරු පාලම යට ඇති වතුරවලට වැටී මියගොස් තිබෙනවා.
පරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි අයෙක් අනතුරින් මිය ගියා
මේ අතර අඹන්පොළ පොලිස් වසමේ ගල්ගමුව මොරගොල්ලාගම මාර්ගයේ වලත්වැව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට පෙරළී අනතුරක් සිදුව තිබුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පවසා සිටියේ.
එලෙස මියගොස් ඇත්තේ, ඇබෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක්
මේ අතර කොළඹ – මහනුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, නෙළුම්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පදිංචිකරුවෙක්.