බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.
ඒ බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ අනතුරකින්
අදාළ සිද්ධියේ මිය ගිය පිරිස අතරින් 17 දෙනෙකු කුඩා දරුවන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කාබුල් බලා යමින් සිටි බස් රථය ඊයේ (19) රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවත් එම මාධ්‍යවල සදහන්.
අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථය ගිනි ගැනීමකට ද ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
බස්රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් බව සඳහන්.
බස්රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු ද මිය ගොස් තිබෙනවා.
බස්රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.