තමන්ව කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින නවයක් පුරා මාරාන්තික උපවාසයක නිරතව සිටි පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (03) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. වසර හතකට අධික කාලයක් පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින තමන්ට තරඟ විභාගයකින් තොරව ගුරු පත්වීම් ලබා දෙන ලෙස ඔවුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. පවතින සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මේ වන විට උපවාසකරුවන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති පසුබිමක, මෙම ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ලෙසට ඔවුන් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටින අතර සාකච්ඡාවේ ප්‍රතිඵලය මත සිය අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද සංගමය අවධාරණය කරයි.














