විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් තැබීමට වනිඳු හසරංග ඊයේ (08) සමත් විය. අයර්ලන්තයට එරෙහිව පැවති තරගයේදී ඔහු දවාගත් කඩුලු 3ත් සමඟින් වනිඳු මෙතෙක් විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලබාගෙන ඇති සමස්ත කඩුලු සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගියේය.
මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වන අතර ඔහු ලෝක කුසලාන තරගවලදී කඩුලු 38ක් දවාගෙන තිබුණි. ඒ අනුව ලසිත් මාලිංග වසර ගණනාවක් තබා තිබූ මෙම සුවිශේෂී වාර්තාව අභිබවා යාමට වනිඳු හසරංගට හැකි විය.














