• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

🐟🐟තෝරා මාලු තෙලෙන් හින්දල (කිරි/වතුර නැතුව)

මාලු250g කට වගේ තෙල් මේස හැඳි 2ක්, ගොරක පේස්ට් තේ හැන්දක්, අමු තුනපහ මේස හැඳින්1 1/2ක් ,කහ තේ හැන්දක්, ලුනු, ගම්මිරිස් මේස හැඳි 2ක්, කරපින්චා රම්පේ පොඩිවට කපාගෙන දාල හොඳට මික්ස් කරල වැඩි ගින්දරේ ලිපේ තියන්න. අතේ ගෑවුන පහේ ටිකට ඕන නම් වතුර මේස හැන්දක් දාල සෝදල දාන්න. තෙල් ටික උතුරන් එනකොට මාලු ටික ආපහු මික්ස් කරල ගින්දර අඩුම කරල පියනකින් වහල උයා ගන්න හොඳට දැවටිලා එනකන්. මේකට ලූනු ,සුදු ලූනු දාන්නෑ. ගම්මිරිස් සහ අමු තුනපහ රස එන්න තමයි හදන්නෙ. තෙල් එක රත්වෙලා උතුරනකන් වහන්න එපා මාලු එක.

🐟🐟සාලයො ඇඹුල්තියල් 
මාලු ග්‍රෑම් 250ක් තමයි මම හැදුවෙ .මාළු ගෙනාව ගමන්ම මේක සුද්ද කරල ,හොඳට තම්බ ගත්ත ලොකු ගොරක කෑලි දෙකක්, ගම්මිරිස් ඇට තේ හැඳි 1 1/2ක්, එනසාල් කරලක්, අමු තුනපහ තේ හැඳි 1/2ක් සහ ලුනු හොඳට අඹරල මාලුඑකට මැරිනේට් කරල සිප්ලොක් බෑග් එකක ෆ්‍රීසර් එකේ දැම්ම.දවස් 4-5කට පස්සෙ තමයි මේක ඉව්වෙ . බ්‍රහස්පතින්දා රෑ ෆ්‍රීසර් එකෙන් අරන් පහල කොටසෙ තිබ්බ ෆ්‍රිජ් එකේ. උදේ උයන හට්ටියෙ අඩියට කෙසෙල් කොළ අතුරල ඒ උඩින් අර මාළු ටික එක උඩ එක නොහිටින්න අතුරල තෙල් තේ හැන්දක් උඩින් දැම්ම. දාල වැඩි ගින්දරේ පියන වහන්නැතුව විනාඩි 2-3ක් තියල හට්ටිය රත් වෙනකොට ගින්දර අඩු කරල පියනෙන් වහල විනාඩි 30ක් විතර සම්පූර්ණ කාලය උයා ගත්තෙ . ටිකක් වෙලා යනකොට මාළු එකේ ඉස්ම උනනව. එවෙලෙට ලුනු බලන්න . මදි නම් දාන්න. සැර මදි නම් ගම්මිරිස් දාගන්න.පොඩි හැන්දකින් හිමින් මාළු එහෙ මෙහෙ කරන්න .නැත්නම් කැඩෙනව. ගින්දර අඩුවෙන්ම තියාගෙන මාලු තැම්බිලා ඔක්කොම ඉස්ම මාලුවට උරා ගන්නකන් උයල බාන්න.

🐟🐟මාළු අබ ගම්මිරිසට

කෙලවල්ලා/ බල වගේ මාළු තමයි මේකට රසම. සැර මාළු කන්න අකමැති නම් තලපත් වලින් හදල බලන්න .
මාලු ග්‍රෑම් 250කට රෙසිපිය
අබ තේ හැඳි භාගයක් ,ගම්මිරිස් ඇට මේස හැන්දක්, සුදුලූනු බික් එකක්, ලුනු තේ හැඳි 1/2ක්,ඉඟුරු පොඩි කෑල්ලක් ,එනසාල් කරලක්,කහ තේ හැන්දක් සහ විනාකිරි කප් 1/4ක් හොඳට පේස්ට් එකක් වෙන්න අඹර ගන්න. අබ ඇට ඉතුරු උනොත් තිත්ත වෙනව. හොඳට ඇඹරෙන්න ඕන. ඒක මාලු එකට දාල අතගාල පැය භාගයක් තියන්න.
තෙල් ටිකක් ලිපේ තියල මාලු ටික හොඳට දෙපැත්ත හරවමින් බැද ගන්න . මාලු ටික බැදුනම ඒකට රවුම් කැපූ ලූනු ගෙඩි 2, තක්කාලි භාගයක් , කරපින්චා ,මාලුමිරිස් කරලක් දාල මික්ස් කරන්න . ලුනු බලල මදි නම් දාන්න. තක්කාලි කෑලි පොඩ්ඩක් හැන්දෙන් පොඩි කරන්න . ගම්මිරිස් මදි නම් එකතු කරන්න . ඇඹුල් මදි නම් දෙහි යුශ ටිකක් දාන්න. වතුර කෝප්ප කාලක් වගේ දාල පියනෙන් වහල මාලු ටික තැම්බිලා එනකන් උයා ගන්න.
පොඩ්ඩක් වෙනස් අබ ගම්මිරිස් රෙසිපියක් උනාට මේකත් හරිම රසයි වගේම ලේසී.

🐟🐟සැ(ල්) මන් මාළු කරිය
මුලින්ම තෙල් රත් කරල ඒකට සේර, රම්පේ,ලූනු , කරපින්චා ,තලාගත් ඉඟුරු ,සුදුලූනු, එනසාල් ,කරාබුනැටි දාල බදින්න තෙල් එක සුවඳ වෙන්න. ඊටපස්සෙ ඒකටම මිරිස් කුඩු, අමු තුනපහ කුඩුත් දාල බදින්න. ගම්මිරිස් කුඩු සහ මාලු ටිකත් මේකටම දාල හොඳට මික්ස් කරල දිය කිරි මාලු එකෙන් බාගයක් වගේ වෙන්න දාල ලොකු තක්කාලි ගෙඩියක් සහ ලුනු රස අනුව දාල හොඳට මාළු ටික තැම්බිලා හොද්ද උකුවෙනකන් උයාගෙන බාන්න. ලිපෙන් බාල දෙහි එකතු කරන්න .

🐟🐟මාලු මිරිස් තියල්
මෙතන මාළු 500g තිබ්බ. මාලු සෝදල ඒකට මගෙ අර මිරිස් මාලු මිශ්‍රණය (රෙසිපිය කලින් දැම්ම. පහලින් ලින්ක් එක තියෙනව ) මේස හැඳි 3ක් දාල හොඳට අතගාල පැයක් මැරිනේට් වෙන්න තිබ්බ.
පැයකින් තෙල් තේ හැන්දක් රත් කරල කරපින්චා ,උලුහාල් ,එනසාල් කරල් 5-6ක් දාල දාල බැදෙන්න ඇරල මාලුටික දාල හිමින් පොඩි හැන්දකින් විනාඩි පහක් විතර හොඳට පෙරල පෙරල සීල් කරගත්ත . ඊට පස්සෙ මීඩියම් හීට් එකේ විනාඩි 15ක් විතර පියන වහල තිබ්බ. විනාඩි 15කින් බලනකොට මාලු එකෙනුයි පහේ මික්ස් එකෙනුයි වතුර උනල. ඊට පස්සෙ ආපහු පියන ඇරල හොඳට මික්ස් කරල තව පැය භාගයක් විතර අඩු හීට් එකේ ඉව්ව උනපු වතුර හිඳෙනකන් . ලුනු මදිවට තිබ්බ නිසා ලුනුත් දැම්ම. හොදි ඕන නම් වතුර පොඩ්ඩක් වෙන්න දාගන්න. එතකොට මෙහෙම හොඳට දැවටිලා එන්නෙ නම් නෑ.
හැඳි කවලම් නොකර හොඳට හින්දන්න. වතුර නොදා නරක් නොවී තියෙනව දවස් කීපයක් .

🐟🐟 තලපත් මාලු_තෙලට_මිරිසට 
මාලු ග්‍රෑම් 250ක් කපල සෝදල ගන්න.
තෙල් පොඩ්ඩක් රත් වෙනකොට ඕකට එනසාල් කරලක්, රම්පෙ කෑල්ලක් ,සේර කෑල්ලක් ,ඉඟුරු කෑල්ලක් , මිරිස් කුඩු තේ හැඳි 2ක් (නැත්නම් රස අනුව), අමු තුනපහ තේ හැන්දක් දාල විනාඩි 2-3 ක් බැද ගන්නව.
ඉන්පසු ඒකටම මාලු ටික දාල කවලම් කරල තලාගත් සුදුලූනු බික් 2ක්, ලූනු ටිකක්, ලුනු , ලොකු ගොරක කෑල්ලක්, කරපින්චා , ගම්මිරිස් කුඩු ,සෝයා සෝස් මේස හැන්දක් එහෙම දාල හොඳින් කවලම් කරල මාලු ටික විනාඩි 10ක් විතර තෙලේ තම්බ ගන්නව වතුර නොදා.
ඊට පස්සෙ වතුර දාන්න ඕන මාලු ටික වැහෙන්න. දාල ගින්දර උපරිමයෙන් දාල හොද්ද උතුරන් එනකොට ගින්දර අඩු කරල මද ගින්නෙ හොද්ද හින්දව ගන්නව අවශ්‍ය ගානට. හොඳට තික්වට ,ලස්සන පාටට එනව මේක පැයක් විතර හින්දෙව්වම. ෆ්‍රිජ් නොදා දවස් 2ක් වගේත් තියෙනව එලියෙ නරක් නොවී.

🐟🐟හුරුල්ලො කරිය
මුලින්ම හුරුල්ලො ටික ප්‍රෙශර් කුක් කළා ටින්මාළු වගේ සොෆ්ට් වෙන්න.
තෙල් ටිකක් රත් කරල තලාගත් ඉඟුරු කෑල්ලක් ,තලාගත් සුදුලූනු බික් දෙකක්, රම්පේ ,කරපින්චා , සේර කෑල්ලක් ,එනසාල් කරලක් දාල හොඳට සුවඳ වෙනකන් තෙම්පරාදු කරන්න .
ඊට පස්සෙ ඒකට මාලුමිරිස් කරලකින් බාගයක් , තක්කාලි ගෙඩි 1/2ක්, ලූනු හීනිවට කපපු ගෙඩි එකහමාරක් දාල කවලම් කරන්න. ඒකටම ගම්මිරිස් කුඩු පුරවල තේ හැඳි 1 1/2ක්, තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, ලුනු , කහ කුඩු තේ හැඳි 1/4ක් දාල කවලම් කරන්න . ඒකට මම මාලු ප්‍රෙශර් කුක් කරල ඉතුරු සම්පූර්ණ වතුර එක දැම්ම . කෝප්ප 3/4ක් වගේ තිබ්බ. තව මේකෙ මට ග්‍රේවි අවශ්‍ය නිසා මම උකු පොල් කිරි කප් 1/2කුත් දැම්ම. එච්චර ග්‍රේවි අවශ්‍ය නැත්නම් නොදා ඉන්න. පොල්කිරි නොදා වඩා රසයි මාළු වතුර එකෙන් විතරක් . දැන් මේ හොද්ද අඩු හීට් එකේ සිමර් කරන්න ලූනු එහෙම හොඳට තැම්බිලා සොෆ්ට් වෙනකන්. ලූනු වැඩිපුර දාන්නෙ මේ ලූනු කෑලිත් හරි රසයි.
අන්තිමට හුරුල්ලො ටික කරියට දාල තව විනාඩි පහක් තියල තෙල් පෑදිලා ආවම බාන්න. මාලු ගොඩක් වෙලා නොතිබ්බට කරි එකේ ඒව ගොඩක් රසයි කලින්ම තැම්බිලා නිසා.
හුරුල්ලො සොෆ්ට් උනාට කැඩෙන්නෑ. ඒත් පොඩ්ඩක් පරිස්සමින් කලවම් කරන්න ඕන.නැත්නම් කැඩිල යයි.
ලිපෙන් බාල දෙහි ඉස්ම ටිකක් දාගන්න.
මේ ගම්මිරිස් ප්‍රමාණය ඔයාලගෙ රස අනුව වෙනස් කරන්න
මිරිස් කුඩු නොදාන නිසා ගම්මිරිස් වලින් තමයි සැර එන්නෙ.

🐟🐟ෆිශ් ටික්කා
ෆිශ් ටික්කා /ටික්කා මසාල පවුඩර්
මස් මාළු උනත් එකම විදියට කන්න එපා වෙනව වගේම හදන කෙනාටත් එකම දේ උයල එපා වෙනවනෙ. මේ අලුත් විදියක්. ගොඩක් අය දන්නව ඇති. ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට විශේෂිතවූ ක්‍රමයක් . පකිස්තානයෙත් තියෙනවා .
ඉස්සෙල්ලම මසාල පවුඩර් එක හදමු.
කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
පැප් රිකා නැත්නම් කැශ්මිරි චිලී පවුඩර් මේස හැඳි 1 ½
කහ/සාදික්කා /එන්සාල්/කුරුඳු/ගම් මිරිස් කුඩු තේ හැඳි ¼ බැගින්
සූදුරු කුඩු තේ හැඳි 1
මේ ටික ඔක්කොම පොඩ්ඩක් පෑන් එකක දාල බදින්න . ඊට පස්සෙ හොඳට මික්ස් කරල ගන්න . මේ තමයි මසාල පවුඩර් එක.
ෆිශ් ටික්කා
අවශ්‍ය ද්‍රව්‍ය
සම්පූර්ණ මාලුවෙක් 250g මම ගත්තෙ ගල් මාලුවෙක්.
ටික්ක මසාල පවුඩර් මේස හැඳි 1
ඉඟුරු සුදුලූනු පේස්ට් තේ හැඳි ½
යෝගට් මේස හැඳි 1
දෙහි යුශ තේ හැඳි 1
ලුනු රස අනුව
ඉන්ඩියන් අය නම් මේකට රතු පාට ෆුඩ් කලරින් දානව. ඔයාල කැමති නම් දාන්න පුලුවන් .
මේ සියලුම දේ හොඳට මික්ස් කරල පේස්ට් එකක් හදා ගන්න .මාලුවව හොඳට සුද්ද කරල කැපුම් ටිකක් දාල ටික්කා පේස්ට් එක හොඳට ගාල පැයක් විතර මැරිනේට් වෙන්න තියන්න ෆ්‍රිජ් එකේ පහල කොටසෙ.
පැයකට පස්සෙ පෑන් එකක තෙල් ටික්ක් දාල පෑන් ග්‍රිල් හෝ උඩින් ඔයිල් ටිකක් ස්ප්‍රේ කරල අවන් එකේ අංශක 220ට විනාඩි පහලවක් වගේ උඩ යට එලිමන්ට්ස් දෙකම ඔන් කරල බේක් කර ගන්න .

🐟🐟 පරා මාලු කෑලි එක්ක ඔලු හොද්ද
මැටි හට්ටියකට යහමින් පොල් තෙල් වක්කරල ලිපේ තියනව රත් වෙන්න. තෙල් එක රත් වෙන්න ඇරල සුදුලූනු ,ඉඟුරු ,ගම්මිරිස් ඇට,ඇබිත්තං කහ කෑල්ලක්, එනසාල් ,කරාබුනැටි කුරුඳු දාල හොඳට ගලේ අඹරනවා.
තෙල් එක රත්වෙනකොට ලෝබ නැතුව අබ දාන්න . අබ ටික පුපුරනකොට අර තලාගත් සේරම ඉඟුරු ,සුදුලූනු දාල පොල් කටු හැන්දෙන් ඒක හොඳින් හැඳිගාන්න .බීලුනු ගෙඩි 2-3ක්, තක්කාලි ගෙඩි දෙක තුනක් , අමුමිරිස් කරල් අහුරක් දිගට පලනව. රම්පෙ කරපින්චා ඒ ඔක්කොමත් දානව. රම්පේ පොල්තෙලේ බැදෙනකොට හරී සුවඳයි. ඊට පස්සේ ඕකටම ලුනු , අමුතුනපහ , මිරිස් කුඩු පොඩ්ඩක් වෙන්නත් දානව.
ඊටපස්සෙ මාලු ටික.ඔලුව ,කෑලි ඔක්කොම ගානට අහුරල හට්‍ටියෙ සීරුවට තෙම්පරාදුව එක්ක කවලම් කරල මාලු එකේ ගානටම දානව දියකිරි. දාල ඕකට ගොරක කෑලිත් දෙක තුනක් එහෙම දාල ලුනු බලල ගින්දර වැඩි කරන්න .හොද්ද විනාඩි කීපෙකින් සුවඳ ගගහ නටන්න ගන්නව. ඔක්කොටම වඩා එන්නෙ පොල්කිරි එක්ක ගොරක මික්ස් උන අමුතු සුවඳක්.
උපරිම ගින්දරේ මේක බාගෙට හිඳෙනකොට දානව තව මිටිකිරි මාලු එක වැහෙන්න. හොඳට වලඳ හොලවලා ඒම ආයි ලිපේ තියල එකදිගට හැඳි ගානව. විනාඩි පහක් විතර . ලුනු බලනව අන්තිමට ලිපෙන් බානවා.මේ හොද්ද හරිම ක්‍රීමි මයිල්ඩ් ග්‍රේවියක්.

උපුටා ගැනීම facebook 

 

 

Post Views: 18
Previous Post

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

Next Post

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු - ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved