යළි දරුවෙක්ට සපත්තු දෙක්ක නැතිව දුවන්න බැරි තත්ත්වයක් ඇති නොවන ඇති බවත් තමාද දේශපාලනඥයෙකු බවත් තමාට ද ඇතැම් පිරිස් එක එක දේ පැවසිය හැකි බව තමාද රැවටිය හැකි බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) ක්‍රිඩා අමාත්‍යාංශයේ පැවැති ජාතික ක්‍රීඩා සභාව සදහා පත්කළ නිළධාරීන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට ඒක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිඩා අමාත්‍යංශයේ විශාල මුදල් ප්‍රමාණයක් ඇති බවත් රටේ කිසිදු දරුවෙකුට දිවිමට අවශ්‍ය නම් සපත්තු නොමැති බව දැනෙන්නට ඉඩ නොදිය යුතු බවයි. එම දරුවාට අවශ්‍ය පහසුකම් සැපයීම ක්‍රිඩා අමාත්‍යංශය විසින් සිදු කළ යුතු බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිඩාව පිරිසිදු විය යුතු බවත් දුපතක් වැනි අපේ රට ක්‍රිඩාවෙන් ඉදිරියට ගෙන ආ යුතු බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.