8 September 2024
#දේශීය #පුවත්

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබේ.

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නොමැකෙන තීන්ත, ඡායා පිටපත් හා මුද්‍රණ කඩදාසි, මුද්‍රිත සහ දත්ත මුද්‍රිත ලිපිකවර, ලිපිද්‍රව්‍ය සහ මැතිවරණ ක්‍රියාවලියට අවශ්‍ය අනෙකුත් ලිපිද්‍රව්‍ය සඳහා මෙලෙස ලංසු කැඳවීමට තීරණය කර ඇති බවයි.

එළඹෙන අගෝස්තු 02 වැනි දා ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කිරීමට නියමිතය.

මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *