ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස නිල වශයෙන් පිළිගෙන තිබේ. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(4)(අ) වගන්තියට අනුව මෙම පක්ෂ ලියාපදිංචි කිරීමට පියවර ගත් බව කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අලුතින් ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ පහ මෙසේය:
– සමාජවාදී සන්ධානය (Socialist Alliance)
– මහජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (People’s Participatory Democratic Front)
– මලයග දේශපාලන කරළිය (Malaiyaga Political Arena)
– සමත්තුව කච්චි (Samaththuva Kadchi)
– විප්ලවවාදී ජන බලය (Revolutionary Peoples Power)














