21 September 2024
#දේශීය #පුවත්

මැතිවරණ පෝස්ටර් 7,02,000ක් ගලවා දමයි!

තවත් පෝස්ටර් 2,33,000ක් පොලිස් භාරයට
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් නීති විරෝධීව අලවා තිබූ පෝස්ටර් හත්ලක්ෂ දෙදහසක් (7,02,000) ගලවා දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා “දිවයින”ට ඊයේ (20 වැනිදා) පැවසීය.

එසේම, නීති විරෝධී අන්දමින් තබාගෙන තිබූ පෝස්ටර් දෙලක්ෂ තිස්තුන් දහසක් (2,33,000) පොලිස් භාරයට ගෙන ඇතැයි ද හෙතෙම කීය.

නීති විරෝධී පෝස්ටර් ගැලවීමට හා ඉරා දැමීම සඳහා කම්කරු සේවකයින් එක්දහස් පන්සියයකගේ සහාය ලබාදුන් බවද ඒ මහතා කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී ගලවා දැමූ නීතිවිරෝධී සංඛ්‍යාව වැඩිද? අඩුද? යන්න සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට කියා සිටියේ, නිසි අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සඳහා යමක් පැවසිය නොහැකි බවය.

[Divaina ]

Leave a comment

Your email address will not be published. Required fields are marked *