පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ දෛනික මූල්‍ය ගනුදෙනු විධිමත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වා දුන් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය (fmis.uda.lk) අද (02) සිට ක්‍රියාත්මක වේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් වූ මෙම පද්ධතිය මගින් වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට සිය බදු මුදල් සහ දෛනික ගෙවීම් පෝලිම්වල රැඳී නොසිට ජංගම දුරකථනය හරහාම සිදු කිරීමට අවස්ථාව සැලසේ. මෙය රජයේ ජාතික ඩිජිටල් පරිවර්තන උපාය මාර්ගයේ සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, ඉදිරියේදී දිවයින පුරා පිහිටි අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වෙත ද මෙම තාක්ෂණය ව්‍යාප්ත කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.












