රුපියල් ලක්ෂ දාහතරක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි 275ක් ගමන් මලු තුළ සගවා ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මැලේසියාවේ මාස 06ක පමණ කාලයක් කුලී රැකියාවක නිරත වී සිට මෙරටට පැමිණ තිබුණි.
37 හැවිරිදි මොහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විද්‍යුත් දුම්වැටි තොගය සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සමග ඔහු රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.













