• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිග් ගනුදෙනු වංචාවේ CID පරීක්ෂණ කඩිනම් වෙයි

31 October 2024
in දේශීය
මිග් ගනුදෙනු වංචාවේ CID පරීක්ෂණ කඩිනම් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 8ක් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන ගණනක මහ පරිමාණ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කඩිනම් කර ඇතැයි නීතිපතිවරයා, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊ​යේ (30 වැනිදා) දැනුම් දුන්නේය.

2006 වසරේදී සිදුවූ මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඊට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම කරුණු කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රශ්නගත මිග් යානා 8 මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලෙස නම් කර ඇති සිංගප්පූරු ජාතිකයන් දෙදෙනකුට නිකුත් කර ඇති නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න ඉල්ලා සිටියේය.

එම සැකකරුවන් දෙදෙනා විමර්ශනය සඳහා සහාය වීමට මෙරටට පැමිණීමට සූදානමින් සිටින හෙයින් ඔවුන්ට එරෙහිව නිකුත් කර තිබෙන නිල් නිවේදනය ආපසු කැඳවන ලෙසද ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න ඉල්ලා සිටියේය.

‘මෙම නඩුව ආරම්භ කර ඇත්තේ 2015 වසරේදීයි. මීට අදාළ ගනුදෙනුව සිදුවී ඇත්තේ 2006 වසරේදීයි. ලංකාවේ පැවැති යුදමය වාතාවරණය යටතේ මෙම මිග් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතුකර තිබෙනවා. රජය විසින් මෙවැනි මිලදී ගැනීමක් කරනවා නම් නිසි පරිදි ටෙන්ඩර් පටිපාටියක් තිබිය යුතුයි. නමුත් මෙහි ටෙන්ඩර් කැඳවීම අවලංගු කර තිබෙනවා. මෙතනින් තමයි හොරකම පටන් ගන්නේ. මෙම ගනුදෙනු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුක්රේන් රජය විසිනුයි. මෙම විමර්ශනය 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළත් 2024 වනතුරු වසර 9ක්. ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා ගන්න බැරි වුණා. මෙය ඩොලර් මිලියන 14ක ගනුදෙනුවක්. නමුත් ඊට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබූ ගිවිසුමක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනතෙක් කිසිදු සැකකරුවකු අධිකරණයට වෙත ඉදිරිපත් කර නැහැ. මෙම සිද්ධියට අදාළ ටෙන්ඩර් පටිපාටිය අවලංගු කර පුද්ගලයන් උසාවියට මෙතෙක් රැගෙන විත් නැහැ. පැහැදිලි සාක්ෂි තිබියදී විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. සාක්ෂිකරුවන් නඩුවල විත්තිකරුවන් බවට පත්කිරීම නිසා අපරාධ නඩුවලින් විත්තිකරුවන් 85%ක් නිදහස් වෙනවා. වසර 9ක් ගත වෙලත් මිග් යානා වංචාවට අදාළ විත්තිකරුවන් සොයා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට බැරි නම් වැඩක් තියෙනවා දැයි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මාගේ සේවාදායකයින් දෙදෙනා කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා රජයට සල්ලි දෙන්න පමණයි. මිග් යානා ගන්න සල්ලි නොතිබුණු නිසා ඔවුන් දී තිබෙනවා. මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් මාගේ සේවාදායකයින් දෙදෙනා සාක්ෂිකරුවන් බවට පත් කළ යුතුයි. අවශ්‍ය නම් සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන් කටඋත්තර දෙන්න කැමැතියි. එම නිසා ඔවුන්ට එරෙහිව නිකුත් කර ඇති නිල් නිවේදනය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා සිය විරුද්ධතාවය පළ කළ අතර ඒ අනුව අදාළ නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.

[aruna]

Post Views: 20
Previous Post

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි

Next Post

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන රනිල් කතා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන රනිල් කතා කරයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන රනිල් කතා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved