පෙරේදා (පෙබ. 18) මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි පිරිමි දරුවා ජිවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ, 9 හැවිරිදි වියේ පසුවූ මෙම පිරිමි දරුවා වෙඩි තැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මිය ගොස් ඇති බවත් මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි
මේ පිළිබඳව මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමක් අතරතුර මෙම දරුවාටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
වෙඩි වැදීමෙන් යතුරුපැදි කරු මිය ගිය අතර, ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණු අතර දියණිය මුල් අවස්ථාවේම මිය ගොස් තිබුණි.