• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

15 May 2024
in දේශීය, පුවත්
මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් මේ දිනවල රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානය යොමු කෙරුණා. මෙහිදී පළමුව අවධාරණය කළ යුතුව ඇත්තේ මිනිස් ජවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණුවන බවයි. ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 288ක් පමණ ලැබී තිබෙනවා. ඊට ආදළව මිනිස් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා තිබෙනවා. ඔවුන් මෙම මිනිස් ජාවාරම සිදු කිරීම සඳහා ප්‍රචාරක කටයුතු සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි. එහිදී ඉහළ වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද ගැන සඳහන් කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට ගොදුරුවූවන් රැල්ලක් ලෙස ඊට හසුව තිබෙනවා. ඒ නිසා මෙවැනි රැවටීම් වලට හසු නොවන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම මිනිස් ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු ඇත්නම් ඒවා 0112 401 146 අංකයට අමතා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී යුද්ධයෙන් මරණයට පත් වූ හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන්ගේ වැටුප් හා දීමනා වයස අවුරුදු 55 ඉක්මවා ලබා දීමට තීන්දු කර තිබෙන බව ද සඳහන් කළ යුතුයි. වයස අවුරුදු 55න් පසුව ඔවුන්ට වැටුප හෝ විශ්‍රාම වැටුපක් හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිව තිබූ දුෂ්කරතාව පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවට පමණක් සීමා වී තිබූ මෙම සහනය සිවිල් ආරක්ෂක නිළධාරීන්ට ද ලබාදිය යුතුව තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදාවෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් නොවී සේවය හැර ගිය පිරිස් වෙනුවෙන් ලබාදුන් පොදු සමා කාලය මේ මස 20 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. පොදු සමාව ලබාගැනීම සඳහා දැනට 15,000ක් පමණ ඉදිරිපත්ව සිටිනවා. 2024 මාර්තු මාසයේ දී හමුදාවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය සංඛ්‍යාව 357ක් ලෙස වාර්තා වී තිබෙන බව ද සඳහන් කළ යුතුයි. එසේම නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගොස් සිට නැවත සේවයට වාර්තා කළ ප්‍රමාණය 799ක් ලෙස වාර්තා වනවා. මෙය සුවිශේෂී තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි.තවද රණවිරුවන් සඳහා ඉඩම් ලබා දීමේ දී සහන සලසා දීමටත් එය කඩිනම් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පිහිටුවා තිබෙනවා. උරුමය වැඩසටහනට සමගාමීව සිදුවන මෙම කර්තව්‍ය සඳහා ඉඩම් අමාත්‍යාංශය ද ඉහළ දායකත්වයක් ලබාදී තිබෙනවා. මෙය රණවිරු සුබසාධනය වෙනුවෙන් ගත් සුවිශේෂී පියවරක් බව සඳහන් කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,186
Previous Post

Uber Springboard: Uber සහ තාක්ෂණික අමාත්‍යංශයේ එකතුවෙන් නවක ව්‍යාපාරිකයින්ට වැඩසටහනක් කොළඹදී

Next Post

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක්

editor ttvnews

editor ttvnews

Next Post
මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක්

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved