මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ පුද්ගලික ලැඟුම්හලක කාමරයක් තුළ මියගොස් සිටියදී සොයාගත් 70 හැවිරිදි ජර්මන් ජාතික විශ්‍රාමික ගුවන් නියමුවෙකුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පොලිසියට නියෝග කර තිබේ. බෙලාඩි අක්මඩ් ජෝකිම් (Beladi Achmed Joachim) නැමැති මෙම පුද්ගලයා වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ පදිංචිව සිට ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව මෘත දේහය මීගමුව මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙස නියෝග කළේය.














