ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු වන දිනේෂ් මුතුගල මහතා ආධාර බෙදා දීම සඳහා හෙලිකොප්ටරයක් යොදාගැනීම නිසා එල්ල වන සමාජ විවේචන වලට ඔහු පිළිතුරු ලබා දී තිබෙනවා.
මේ වන විට මිලියන 4කට වැඩි මුදලක භාණ්ඩ සහ අත්‍යාවශ්‍ය ඖෂධ ආපදාවට ලක් වූවන් වෙනුවෙන් පරිත්‍යාග කර ඇති බවයි ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් මේ බව ඔහු පවසා ඇත්තේ ඔවුන්ගෙන් ඉගනගැනීමට පැමිණි සිසුන් පිරිසක් ඉදිරියේ බවයි ආරංචිමාර්ග පවසන්නේ.
“ඒ කාලය මුළුල්ලේ මිලියන 4කට වඩා අපි බඩු බෙදුවා. ඒ අතරේ තමයි හෙලිකොප්ටරේ ගියේ. හොඳ කියන මිනිස්සු ඉන්නවා. නරක කියන මිනිස්සු ඉන්නවා. කොත්මලේට මට යන්න වුණේ පිට පිට නැවත නැවත ලැබෙන පණිවිඩ නිසා. නැත්තම් ඇත්තටම මම ඔච්චර රිස්ක් එකක් ගන්නෙත් නැහැ. මම දැනුවත්ව මම එහෙට යන තුරු වෙනත් හෙලිකොප්ටරයකින් බඩු ගෙනැත් තිබුණේ නැහැ. අනික මම ගෙනිච්චේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නෙවෙයි. බර වැඩි දේවලුත් නෙවෙයි. මම ගෙනිච්චෙ බෙහෙත් වැඩි පුර. බෙහෙත්වල බර අඩුයි. ගෙනියන්න පුළුවන් ප්‍රමාණය වැඩියි. ඒකට ප්‍රශ්න ප්ත්‍ර දීලා තිබුණා. ඇයි හෙලිකොප්ටරයක ගියේ. නාරම්මල ඉඳලා ටේක් ඕෆ් කරලා කොත්මලේට යන්න විනාඩි 20යි ගියේ. සාමාන්‍යයෙන් නාරම්මල ඉඳලා කුරුණෑගලට යන්නත් අවමය විනාඩි 25ක් යනවා. කුරුණෑගල ඉඳන් නුවරට එන්න අවමය පැයක් යනවා. ගොඩබිමෙන් ගියානම් පැය ගාණක ගමනක්. ඒ වෙලාවේ ගලගෙදර ගස් වැටිලා පැය හතරක විතර බ්ලොක් එකක් තිබ්බා.
ඒ වෙලාවේ මට ආව පණිවිඩවල තිබුණේ ‘අනේ සර් පුළුවන් ඉක්මණින් ගෙනත් දෙන්න’ කියලා. මට තිබුණේ එක ක්‍රමයයි. එතන මම බැලුවේ ඒකට යන මුදල නෙවෙයි. මොළේ තියෙන මිනිහෙක් ඒ වෙලාවේ බලන්නේ මුදලද කාලයද? නාරම්මලින් ටේක් ඕෆ් කරලා කොත්මලේට ගියා විනාඩි 20න්. ඒ කාලයට යන්න වෙන යානයක් නෑ. ඔය චෝදනා කරන අය මට මොකක් හරි වෙන යානයක් දුන්න නම් මම ඒකෙන් යනවා. ඒ නිසා මම පෞද්ගලික මුදලින් යානයක් අරගෙන ගියා. ඒකෙන් මම රජයට යම් මුදලක් ඉතුරු කළා.” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.














