දුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16)මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව,හේරත්හල්මිල්ලෑවේ පදිංචිව සිටි බංඩාගේ විජේරත්න(74)නැමති අයෙකි.
මෙම 17 හැවිරිදි බුණුබුරා නිවස පිටුපස පිහිටි ලිදට දිය නෑමට ගිය අවස්ථාවේදි උෘරන්,ඊත්තෑවන් වැනි සතුන් දඩයම් කිරිම සදහා දඩයක්කරැවෙකු විසින් අනවසරයෙන් ඇද දමන ලද විදුලි රැහැනක පැටලි ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදි 17 හැවිරිදි සිය බුණුබුරා විදුලි රැහනින් බේරා ගැනිමට උත්සහා කළ සීයාටද විදුලි සැර වැදිමෙන් දෙදෙනාම අසල් වාසින් විසින් කැබිතිගොල්ලැව රෝහලට ඇතුලත් කොට තිබේ.