තංගල්ල, මාවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු රළ පහරකට හසුව දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මාවැල්ල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් සිටි අවස්ථාවේදී පවුලේ තවත් තරුණයන් කිහිප දෙනෙකු සමඟ මුහුදේ නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මිරිස්ස, පොල්අතු මෝදර පදිංචිව සිටි 21 හැවිරිදි මතීෂ නෙත්මිණ නමැති සිසුවෙකි. රළ පහරට හසුව ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් මෙම මරණය සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.














