මුළු රටටම පශු වෛද්‍යවරු සිටින්නේ 12 ක් පමණක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙසේයි.
”මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 දෙනයි. ඒ දොළොස් දෙනා තමයි අලින්ට විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන සියලු වනජීවීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්නේ ඒ දොළොස් දෙනා. වෙන රටක ගත්තොත් පශු වෛද්‍යවරයෙකුට ඔහුට ඇසිස්ටන් කෙනෙක් ඉන්නවා.හෙදියකගේ මට්ටමේ වෛද්‍ය සහයකයෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඔහුට තාක්ෂණික ශිල්පියෙක් ඉන්න ඕනේ. ඒ වගේම ඇතුන් හසුරුවා ගැනීම සඳහා ඇත්ගොව්වෙක් හෝ ඒ වෙනුවෙන් වෙන්වුණ වනජීවී නිලධාරියෙක් ඉන්න ඕනේ. නමුත් අපේ රටේ ඉන්න මේ වෛද්‍යවරු 12ට එහෙම හෙදියක්,ඇසිස්ටන් කෙනෙක් නෑ. තාක්ෂණික ශිල්පියෙක් නෑ. ඇත් ගොව්වෙක් හෝ ඒ වෙනුවෙන් වෙන් වුණ වනජීවී නිලධාරියෙක් නෑ. ජූලි මාසේ 10 වෙනිදා වෙනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ රට පුර විසිරි සිටින වෛද්‍යවරු 12 දෙනාට වෙඩි තබන ලද ඇතුන් 09 දෙනෙකුට ප්‍රතිකාර කරන්න තිබුණා. ඒ ගණන ජූලි 15 වෙනිදා වෙනකොට දින පහක් ඇතුළත ඒ ගණන 13ක් දක්වා වැඩිකළා.”