අද (07) පාර්ලිමේන්තු සභාවාරය අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම ගැටලුකාරී තත්ත්වය හටගෙන තිබෙන්නේ ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අතරයි.
මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා තමාට අසභ්‍ය වචනයෙන් බැණ වදින බැවින්, තමා දැනට අසුන්ගෙන සිටින ස්ථානය වහාම වෙනස් කර දෙන ලෙස මන්ත්‍රී අර්චුනා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
තමාගේ මව සිහිපත් කරමින් ගජේන්ද්‍ර කුමාර් මහතා අසභ්‍ය වචන භාවිත කළ බවත්, එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් ඔහු අසල අසුන් ගැනීමට තමා සූදානම් නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.
එමෙන්ම අර්චුනා සභාවට පැවසුවේ අසුන වෙනස් නොකිරීම නිසා ඉදිරියේදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳ වගකීම තමාට පැටවිය නොහැකි බව යි.
මීට අමතරව, පොන්නම්බලම් මහතාව වරප්‍රසාද කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.














