ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව අලුතින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන අනාවරණය කරයි. එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ වැඩිහිටි පිළිකා මෙන් නොව ළමා පිළිකා සඳහා මෙතෙක් නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවයි. කෙසේ වෙතත්, දරුවෙකුගේ ශරීරයේ හෝ චර්යාවන්හි හදිසියේ යම් වෙනසක් දක්නට ලැබේ නම්, එය නොසලකා නොහැර වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් ළමා පිළිකා සුව කිරීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතින බවද වෛද්‍යවරු අවධාරණය කරති.














