දේශීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණික විශේෂඥතාවයෙන් සංවර්ධනය කරන ලද
ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂ ගත කිරීමට නියමිත බව නවීන තාක්ෂනය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය පවසනවා.
එය නම්කර ඇත්තේ බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි ලෙසයි.
එම චන්ද්‍රිකාව අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබෙනවා.
මීට පෙර, 2019 දී, ශ්‍රී ලංකාව සිය පළමු නැනෝ චන්ද්‍රිකාව වන ‘රාවණ-1’ සාර්ථකව දියත් කළා.
2022 දීයි දෙවන චන්ද්‍රිකාව වන “කිට්සුනේ“ චන්ද්‍රිකාව දියත් කළේ.
බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි අද පස්වරු 2.15 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තනය් වෙතින් එහි නම් කරන ලද කක්ෂයට මුදා හැරීමට නියමිතයි.
මෙමඟින් නව සන්නිවේදන උප පද්ධති සැලසුමක් කක්ෂය තුළ පරීක්ෂා කිරීම, පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම සඳහා චන්ද්‍රිකා පාදක වේදිකාවක් සැපයීම වැනි ක්‍රියාවන් රැසක් සිදුකිරීමේ හැකියාව ලැබෙනවා.