පමණ ඉක්මවා කිකිලියන් ආනයනය කිරීමෙන් මෙරට බිත්තර වැඩි වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.
සභාපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපිට වයඹ බිත්තර නිෂ්පාදකයන් දෙසීයක පමණ සහභාගීත්වයෙන් ඊයේ (29 වැනිදා ) පැවැති නිහඬ විරෝධයක් අතරතුරදීයි
උද්ඝෝෂණය අතරතුර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.ඒ. කොතලාවල හමුවූ නිෂ්පාදකයන්ට ඇය ප්‍රකාශ කර ඇත්තේ, කඩිනමින් ඒ පිළිබඳ සංගණනයක් කරන බවයි.
එමෙන්ම, බැට්‍රිගේජ් මහා පරිමාණ කුකුළු ගොවිපළවල් නියාමනය කරන බවත්, මවු සතුන් ගෙන්වීම හා පවතින අතිරික්තය පිළිබඳ යළිත් නොවැම්බර් 15ට පෙර නිෂ්පාදකයන් කැඳවා සාකච්ඡාවක් සිදුකරන බවත් ඇය පොරොන්දු වී තිබෙනවා.
විරෝධතාවට එක්වූ කුඩා ගොවීන් ඉල්ලා සිටියේ, තමන්ගේ දේපළ පවා බැංකුවලට සින්නවෙමින් පවතින බැවින්, දෙපාර්තමේන්තුව කඩිනමින් මේ ගැටලුවට මැදිහත් විය යුතු බවයි.














