ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් අනාවැකි පළ කරයි.
ශ්‍රී ලංකාව සතු ස්ථාවර ක්‍රීඩක පිරිස සහ ශක්තිමත් යොවුන් ක්‍රිකට් ව්‍යුහය මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වනු ඇති බව ඔහුගේ අදහසයි. බොහෝ දෙනා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය ගැන පමණක් අවධානය යොමු කළද, ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමක් නොසලකා හැරීම ප්‍රතිවාදීන්ට අනතුරුදායක විය හැකි බව හිටපු එංගලන්ත නායකයා පෙන්වා දෙයි.
පසුගිය ලෝක කුසලාන තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකාව පසුබෑමකට ලක් වුවද, මෙවර ඔවුන්ට “අසිරිමත් දෙයක්” කළ හැකි බවට තමාට විශ්වාසයක් පවතින බව හුසේන් සඳහන් කළේය. දක්ෂ ක්‍රීඩකයින්ට තම දස්කම් ලෝකයට පෙන්වීමට සුදුසුම කාලය දැන් උදා වී ඇති බවත්, සත්කාරක රටක් ලෙස ලැබෙන වාසිය ද ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














