• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර Miss World අපේ බලාපොරොත්තුව (PHOTOS)

7 April 2025
in දේශීය, පුවත්, වෙනත්
මෙවර Miss World අපේ බලාපොරොත්තුව (PHOTOS)
0
SHARES
172
VIEWS
Share on FacebookShare on Twitter
72 වන ලෝක රූ රැජිණ තරඟාවලිය සඳහා ඉතිරිව ඇත්තේ හරියටම තවත් මාසයක කාලයක් පමණි. ලොව ප්‍රමුඛතම රූ රැජිණ තේරීමේ තරඟාවලිය වන Miss World තරඟාවලිය, මැයි 7 වනදා සිට මැයි 31 වනදා දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී පැවැත්වෙනු ඇති. මෙවර එහි ශ්‍රී ලංකා නියෝජනය Anudi Gunasekara යි
2024 වසරේ Siyatha Miss Sri Lanka for Miss World ලෙසින් අහිසෙස් ලැබූ ඇය, ඓතිහාසික අනුරාධපුර නගරයේ හැදීවැඩී අනුරාධපුර මධ්‍ය මහා විදුහලෙන් සිප්සතර හැදෑරූ, විසිපස් හැවිරිදි, කැළණිය සරසවියේ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ගෞරව උපාධිධාරිනියකි. 2020 වසරේ Brian Kerkoven යටතේ වෘත්තීය නිරූපණ ශිල්පය හදාරන Anudi, අර්ධකාලීන නිරූපණ ශිලිපිනියක් ලෙස ක්ශේස්ත්‍රයට පිවිසෙන්නේ Miss Sri Lanka ලෙස කිරුළ පැළැඳීමට පෙර, සරසවි අධ්‍යාපනය ලබන අතරතුරමයි. මේ වනවිට ඇය නිරූපණ ශිල්පිණියක් වගේම සමාජ ක්‍රියාකාරිකාවක් විදිහටත් කටයුතු කරනවා. තමන් දිනාගත් කිරුළ මඟින් ලංකාවට ගෞරවයක් ගෙන ඒමට වගේම රූ රැජිණක් සහ කාන්තාවක් ලෙසින් තමන්ගෙන් සමාජයට ඉටුවිය යුතු මෙහෙවර ගැනත් ඇයට දැඩි උනන්දුවක් තිබෙනවා. ඊට හොඳම උදාහරණය ඇය විසින් ආරම්භ කරන ලද Saheli Foundation පදනමයි. සහේලි යනු ලාංකීය කාන්තාවන් විශේෂයෙන්ම ගැහැණු ළමුන් අතර ඇති ඔසප් දරිද්‍රතාවය (Period Poverty) නැතිකිරීම උදෙසා පිහිටවනු ලැබූ ලාභ අරමුණු කරනොගත් සංවිධානයක්. සරසවි අධ්‍යාපනය ලබන අතරතුර, ලංකාවේ ස්ත්‍රී දූෂණ අපරාධ සහ ඒ පිළිබඳව කාන්තාවන්ට ඇති දැනුවත්භාවය හා කාන්තා අයිතිවාසිකම් සුරැකීම පිලිබදව අවධානය යොමුකරන අතරතුර පහළවූ සිතුවිල්ලක් අනුව Anudi විසින් සහේලි පදනම පිහිටවනු ලැබීය. ඔසප් සෞඛ්‍යය පිළිබඳව දැනුවත්භාවය වැඩිකිරීම, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයන් සඳහා ඇති ප්‍රවේශය වැඩිකිරීම, සනීපාරක්ෂක නිෂ්පාදන පරිත්‍යාග කිරීම වගේම මෙරට 50% ක් වන ඔසප් දරිද්‍රතාවය අවම කිරීමත් Saheli සංවිධානයේ අරමුණ වේ. එමෙන්ම දකුණු ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති සාමාජීය සහ සංස්කෘතික සීමා (taboos) හේතුවෙන් කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය සම්බන්ධව විවෘත සාකච්ඡාවන් කිරීමට මැළිවන සමාජයක, ඒ පිළිබඳව දැනුම සහ පහසුකම් මෙරට සියළුම සමාජ පන්තිවල කාන්තාවන් වෙනුවෙන් ලබාදීම Anudi ගේ අභිලාෂයයි.
තව මසකින් ආරම්භ වන Miss World තරඟාවලිය සඳහා Anudi මේ වනවිට හොඳින් සූදානම් වෙමින් සිටී. ඒත් ඇගේ ජයග්‍රහණය ඇගේ ඉදිරිපත්කිරීම් වලට පමණක් සීමාවෙන්නෙ නැහැ. අපිටත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කිහිපයක් තිබෙනවා. මොනවද ඒ?
Miss World යනු ඉතාම තරඟකාරී, ලොව ඉහළම රූපසුන්දරියන් සහභාගීවන තරඟයක්. 80-90 ක් පමණ වන තරඟකාරිනියන් අතරින් Top 40 අතරට තේරීම පවා ඉතාම අමාරු ඉලක්කයක්. 1953 සිට මේ දක්වාම ලංකාව Top 40 පැමිණ ඇත්තේ අවස්ථා 5 කදී පමණයි. නමුත් Anudi ට Top 40 හෝ Top 15 පැමිණීමට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ Beauty with a Purpose අංශය හරහායි. තරඟකාරිනියන් විසින් තමන්ගෙ රටේ සාමාජීය හා මානුෂීය යහපැවැත්ම වෙනුවෙන් කොතරම් දායකත්වයක් දක්වා තිබෙනවාද කියා සලකා බැලීම මේ අංශයේදී සිදුවනවා. Beauty with a Purpose අංශය ජයග්‍රහණය කරන හෝ අවසන් වටයට පිවිසෙන තරඟකාරිනියන්, ලෝක රූ රැජිණ අවසන් තරඟයේ ඉහළ ශ්‍රේණිගතකිරීම් අතරට පැමිණීම සිදුවෙනවා. ඒ අනුව Anudi ගේ Beauty with a Purpose ව්‍යාපෘතිය වන්නේ සහේලි පදනමයි. එය විසින් ලංකාවේ සාමාජීය සුබසාධනය වෙනුවෙන් ගත් පියවර සහ ඉන් වූ බලපෑමට Anudi ට ලකුණු හිමිවනු ඇත. Saheli පදනමේ මෙහෙවර තීව්‍ර කර දක්වන්න ඔබටත් දායකවෙන්න පුළුවන්. මෙහි සඳහන් Saheli Foundation ෆේස්බුක් පිටුව සහ ඉන්ස්ටග්‍රෑම් පිටුව ලයික් කිරීමෙන්, ෆලෝ කිරීමෙන්, එහි පෝස්ට් ලයික් කිරීමෙන්, ශෙයා කිරීමෙන්, සහ කමෙන්ට් කිරීමෙන්, රිවිව්ස් ලබාදීමෙන් එහි engagement එක වැඩිවෙනු ඇත. වැඩිවෙන engagement එක Beauty with a Purpose අංශයේ එයට ලකුණු හිමිවීමේදී වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබීමට හේතුවනු ඇත. එහි links පහතින් දක්වා ඇත.
https://www.facebook.com/share/1AJDu7we9C/?mibextid=wwXIfr
https://www.instagram.com/saheli_srilanka?igsh=MXZ1MTltZjF1emdvcQ==
මීට අමතරව Miss World තරඟාවලියේදී Public votes සලකා බලන වට තුනක් ඇත. එනම් තරඟකාරිනියන් තමන්ව broadcast ස්වරූපයෙන් present කරන සහ ප්‍රශ්නවලට උත්තර දෙන Head to Head Challenge වටය, සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම තරඟකාරිනිය තෝරන Multimedia Challenge වටය, සහ Miss World App එක හරහා ජනප්‍රියම තරඟකාරිනිය තෝරන People’s Choice Award එකයි. මෙම වට ජයග්‍රහණය කරන තරඟකාරිනියන්ට Top 40 සහ Top 10 අතරට පිවිසීමට හැකියාව ලැබෙනවා. යථාර්ථවාදීව බැලුවොත් නම්, ලංකාව වගේ දසගුණයක පමණ ජනගහනයන් ඉන්න රටවල් එක්ක අපිට මේ වටවල මනාපවලින් නම් හැරෙන්නවත් බැරිවේවි. නමුත් ලංකාව සහ Anudi වෙනුවෙන් පුළුවන් උපරිම සහයෝගය ලබාදීමට අපි උත්සාහකරමු. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් Miss World ෆේස්බුක් පිටුව, Siyatha – Miss World Sri Lanka පිටුව සහ Anudi ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව ෆලෝකිරීමෙන්, අවශ්‍ය අවස්ථාවලදී ඒ පෝස්ට් සහ ඡායාරූප ලයික්කිරීමෙන්, කමෙන්ට් කිරීමෙන්, සහ ශෙයාකිරීමෙන් ඔබේ සහයෝගය දක්වන්න. ඒ හැම ලයික් එකක්ම, ශෙයා එකක්ම, කමෙන්ට් එකක්ම Anudi ව Miss World කිරුළට අඟලකින් හෝ ලංකරනවා. ඒවගේම ඔබට පුළුවන් Official Miss World App එක ඔබේ දුරකථනයට download කරගෙන, Countries වලින් Miss World Sri Lanka සහ Anudi Gunasekara යන profiles ෆලෝකර, ලයික්ස්වලින්, කමෙන්ට්වලින් ඇයව People’s Choice එක බවට පත්කිරීමට උදව්කිරීමට. Anudi ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවලට links පහතින් දක්වා ඇත.
https://www.facebook.com/share/16N5tCfwBf/?mibextid=wwXIfr
https://www.instagram.com/anudi_gunasekara?igsh=MTYzY3h2enJuemd1dA==
ලංකාවෙ pageantry ක්ශේස්ත්‍රයේ තිබෙන ලොකුම අඩුවක් තමයි ජාත්‍යන්තර තරඟ සඳහා ලංකාව නියෝජනය කරන තරඟකාරිනියන්ට ලැබෙන ඉතාම අවම දිරිගැන්වීම සහ online presence එක. වෙනත් රටවලින් කල්තියාම ඒවාට සුදුසු තරඟකාරිනියන් තෝරා ඔවුන් ඒ සඳහා දිරිගන්වන විට, ලංකාවෙ බහුතරයක් අය ඒ තරඟ ගැන දැනුවත් නෑ වගේම පුළුවන් තරම් ඊට සහභාගී වන අය අධෛර්‍යමත් කිරීමත්, හෙළාදැකීමත් දකින්න පුළුවන්. ඒනිසා මෙවර Miss World තරඟාවලියේදී අපි අපිට හැකි උපරිම සහයෝගය Anudi වෙනුවෙන් ලබාදෙමු. තරඟාවලියට අදාළ සෑම තැනකදීම Anudi, Miss Sri Lanka සහ Sri Lanka වැනි යෙදුම් කමෙන්ට් කරමු, පෝස්ට් ලයික් කරමු, ශෙයා කරමු. ලංකාවෙ online presence එක පුළුවන් තරම් ඉහළ නංවමු. මතක තියාගන්න Anudi ට තරඟකරන්න වෙන්නෙ ලංකාවට වඩා සෑහෙන විශාල, සෑහෙන ඉදිරියෙන් තිබෙන රටවල්වල තරඟකාරිනියන් එක්ක. ඒ නිසා මේ පුංචි රටේ හැම වචනයක්ම, හැම ලයික් එකක්ම, හැම ශෙයා එකක්ම ඇයට වටිනවා සහ ඇයව දිරිගන්වනවා.
කලකට පසු ලංකාවට ලෝක රූ රැජිණ කිරුළට කිට්ටුකරන්න හොඳ අවස්ථාවක් මෙවර අපිට ලැබිලා තිබෙනවා.රුව, ගුණ, පෞර්ෂත්වය, බුද්ධිය මේ හැම අතින්ම Anudi ගැන අපිට සතුටුවෙන්න පුළුවන්. ඒ නිසා අපිත් හැකි උපරිමයෙන් ඇයට මේ සඳහා දිරිදෙමු.
දීර්ඝ සටහනක් අවසානයේ, ලෝක රූ රැජිණ වේදිකාව මතදී ලක්මවට ගෞරවයක් ගෙනදෙන්න හැකියාව, ධෛර්යය Anudi ට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා !!

උපුටා ගැනීම –  FACEBOOK පිටුවකිනි.
Post Views: 185
Previous Post

ලෝක සෞඛ්‍ය දිනය අදයි

Next Post

රටවල් 13කට වීසා තහනමක්!

Editor TTV News

Editor TTV News

Next Post
රටවල් 13කට වීසා තහනමක්!

රටවල් 13කට වීසා තහනමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

22 May 2025
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025

Recent News

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

22 May 2025
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

22 May 2025
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved