මෙය හුදෙක් ප්‍රාග්ධන වියදම් පුනාවර්ථන වියදම් හෝ සංවර්ධන යෝජනා පමණක් තිබෙන අය වැයක් නොවන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා අද (19) පාර්ලිමේන්තුව තුළ දී පවසා සිටියේය.
තවද අමාත්‍යවරයා පවසා සිටියේ පෙර පැවති අය වැය කතාවලට පමණක් සීමා වූ බවත් එහි යථාර්ථයක් නොදුටු බවත් ය. නමුත් පළමු වතාවට මෙම අයවැය පුළුල් සංවිධානාත්මක බවකින් සහ පුළුල් අධ්‍යයනයකින් ඉදිරිපත් වූ අයවැයක් බවත් හෙතෙම පවසා සිටියි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා
මෙය හුදෙක් ප්‍රාග්ධන වියදම් පුනාවර්ථන වියදම් වගේම සංවර්ධන යෝජනා පමණක් තිබෙන අය වැයක් නෙවෙයි. ඒ වගේම මෙය නිකම්ම නිකන් ඉලක්කම් තියෙන අය වැයක් නෙවෙයි. මේ අය වැය හදවතක් තියෙන අයවැයක්.
ශ්‍රී ලංකා ඉතිහාසයේ කතා නොකල සහ සංවාදයට භාජනය නොකළ කාරණා ගැන මෙම අය වැය තුලින් දැක ගන්න පුලුවන් වෙනවා. විශේෂයෙන් ඔටිසම් රෝගයෙන් පෙළෙන ළමයි ගැන සහ විවිධ ආබාධ සහිත දරුවන් ගැන මෙන්ම ළමා රැදෙවියන් ගැනත් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා ඉන්න තරුණ ලමයි ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන වගේම මේ රටේ සෑම පැතිකඩක් ගැනම මේ අය වැයේ කියවෙනවා. මේ අය වැය අහද්දි තේරෙනවා මේක හදවතක් තියෙන අයවැයක් කියලා.