ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙන අවස්ථාවකදීත් තෙල් මිල ඉහළ දමා තිබෙන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ,
ලෝකයේ තෙල් මිල අඩු වෙලත් අපේ රජය තෙල් මිල වැඩි කරනවා. ලෝකයේ කාලානුරුපිය තෙල් මිල අඩු වැඩි වෙන බව දැන දැනත් ආණ්ඩුව සූර්ය බලයෙන් විදුලිය උද්පාදනය කිරිම අධෙර්ය කරලා පුනර්ජනනීය උද්පාදනයත් අධෙර්ය කරලා ඩීසල් වලින් විදුලිය උද්පාදනය කරන්න පෙලෙඹෙනවා. මේකෙන් පැහැදිලිවම පේන්නේ ආන්ඩුව ඩීසල් ගල් අගුරු මාෆියාවට යට වෙන වා කියලයි. බලශක්තියෙන් මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය දැක්මක් සහ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නෑ. මම ඉල්ලා සිටිනවා රජයෙන් මේ සදහා දීර්ඝකාලීන ගිවිසුම්වලට ගත වෙන්න පුලුවන් වැඩ පිලිවලක් හදන්න කියලා. ඒ වගේම මේ නිසා රටේ ජනතාවගේ ආර්ථිකයට වග කියන්න රජය වග බලාගත යුතුයි කියලා. තෙල් මිල වැඩි කරා කියන්නෙ සැම අංශයක්ම වැඩිවෙනවා කියන ඒකයි. රාජ්‍ය පාලනය ගැන අනවබෝධය තමා මොවුන්ට තිබෙන්නේ. මේ රජය බලයට ආවේ බොරුවෙන්. ආන්ඩුව පවත්වාගෙන යන්න කරන්නෙත් බොරු.