මීලඟ ජනාධීපති අපේක්ෂකත්වය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එම තනතුරට සඳහා ඉදිරිපත් වීමට සුදානම් බව එම පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට සිදු කරමින් පවතින කටයුතු ඉතා සාධනීය බවයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ වන විට හොඳම පුද්ගලයා වන්නේද මෛත්‍රිපාල සිරිසේන මහතා බව හෙතෙම පැවසිය. ජනාධිපතිවරණයට නැවත මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවී විශ්‍රාම ලබා ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා වැනි ජ්‍යෙෂ්ඨයින් සිටින බව ද ඔහු කියා සිටියේය.
තව ද රටේ වෙනස් විය යුතු තැන් අවස්ථා වෙනස් කිරීමට තරුණ බලවේගවලට අවශ්‍ය සහාය ලබා දෙන බව දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ TTVnews.lk Youtube channel ඔස්සේ ඔබට දැන් නැරඹිය හැකිය.