හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇත.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 18 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ද කරුණු වාර්තා කර තිබුණි. ඒ අනුව ඇය අද දින අදාළ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.














