මෙරට රක්ෂණ ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ‘ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත’ නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
සාම්ප්‍රදායික රක්ෂණ සහතික වෙනුවට දුරකථන අංකය හරහා ඩිජිටල් ක්‍රමවේදයකින් රක්ෂණ තොරතුරු ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම මාර්ගස්ථ පරීක්ෂාවන් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත නවීන ‘ටැබ්’ (Tab) යන්ත්‍ර 500ක් ලබා දී ඇති අතර, එමඟින් රක්ෂණ සහතිකවල වලංගුභාවය තත්පර කිහිපයකින් තහවුරු කර ගත හැක.
මෙමගින් ව්‍යාජ රක්ෂණ සහතික භාවිතය අවම කිරීම සහ රිය අනතුරකදී රක්ෂණ හිමිකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.
මෙම ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මගපෙන්වීම යටතේ, රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සහ රක්ෂණ සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.














