පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී බහින්බස්වීමක් අතරතුර හෝටලයේ ආහාර ගැනීමට යාමේදී එම පුද්ගලයන් දෙදෙනා හා මන්ත්‍රීවරයා අතර මෙම ආරවුල ඇතිවී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේවන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මන්ත්‍රීවරයා සිදුකළ පහරදීම සීසීටීවී කැමරාවක ද සටහන්ව තිබුණි.
කෙසේ වෙතත් තවදුරටත් ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුගේ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටියි
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම හේතුවෙන් ඔහුට නීතියෙන් ගැලවී යෑමට හෝ කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබාදී නොමැති බවත් ඔහු නීතියට එරෙහිව ක්‍රියාකරනවා නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාකරන බවත්ය.