යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා.
52 හැවිරිදි මෙම පුද්ගලයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කර ඇති අතර ඔහු සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
44 සහ 17 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ දියණියගේ මරණවලට හේතුව තවමත් වාර්තා වී නැහැ.
මේ වන විට SOCO නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.